ලංකාවේ ඇත්ත කථාකරන්න බැහැ ,රන්ජන් කියයි !

0
159

රන්ජන් 1පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අද(15) පස්වරු 1.00 ට පමණ ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් රැගෙන  ගොස් තිබුණි.
ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අද දහවල් වනතෙක් පසුවූයේ කොළඹ අපරාධ කොට්ඨාසයේය
රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගෙන යාම සදහා පොලිස් ජිප් රථයට ගොඩවන අවස්ථාව රන්ජන්ගේ සහයට පැමිණ සිටි සැමට මාංචු සහිත දෑත්  ඔසවා අචාර කරමින් කියා සිටියේ ලංකාවේ ඇත්ත කථා කිරිමට බැහැයි කියාය.
රන්ජන් රාමනායක විවිධ තරාතිරම් වල අයවලුන් හා කරනු ලබු දුරකථන කථාබහ ඇතුලත් හඩපටි  පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිමෙන් පසු ඒවා විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විමට දැන් පටන් ගෙන තිබේ.
පොලිසියේ භාරයට ගැණුනු හඩපටි මාධ්‍ය වෙතට පත්ව තිබුනේ කෙසේදැයි පසුගියදා එජාප නායක රනිල් වික්‍රමසිංහ  පවා පාර්ලිමේන්තුවේදි ප්‍රශ්ණ කොට තිබුණි.
කෙසේ වෙතත් රන්ජන් රාමනායක පළමුව අත්අඩංගුවට පත්වු අවස්ථාවේ ඔහුගේ සහයට පැමිණ සිටි දේශපාලකයන් බහුතරයක් ඊයේ දිනයේ රන්ජන් රාමනායකව අත්අඩංගුවට ගැනිමෙන් පසුව පැමිණ සිටි බවක් දකින්නට නොලැබිමද විශේෂත්වයකි.
රන්ජන් රාමනායක හැමවිටම තිත්ත ඇත්ත නොබියව කථා කළ දේශපාලකයෙකු ලෙසින් රටේ  බහුතරකගේ බුහුමනට පත්ව සිටින අයෙකි.