ලංකාවේ දැවැන්තම අවුරුදු උත්සවය කොළඹදී…

0
827

3මෙදා සැරේ මහා නගරේ – මහා අවුරුදු සිරි පැතිරේ

ලංකාවේ දැවැන්තම අවුරුදු උත්සවය කොළඹදී.

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල දමිළ නව අවුරුදු උදාව මහත් උත්කර්ෂයෙන් සැමරීම සහ සාම්ප්‍රදායික ජනමූල සංස්කෘතිකාංග පිළිබඳව තරුණ පරපුර අතර අවබෝධයක් සහ උනන්දුවක් ඇති කිරීම යන කරුණු ඉලක්ක කරගනිමින් දිවයිනේ දැවැන්තම සිංහල දමිළ අවුරුදු සැමරුම් උළෙල zසූර්යාභිෂේකය – මහනගරේ මහ අවුරුදු නමින් කොළඹදී පැවැත්වීමට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ.

කොළඹ 07 ටොරින්ටන් පිටිය, නිදහස් චතුරශ්‍රය සහ ආකේඩ් පරිශ්‍රය ආශ්‍රිතව එළඹෙන අප්‍රේල් 08 වනදා උදෑසන සිට පැවැත්වෙන මෙම මහා සංස්කෘතික මංගල්‍ය ප්‍රධාන අංග තුනකින් සමන්විත වේ.
මෙම මහා අවුරුදු සැණකෙළියේ සමාරම්භය සනිටුහන් කරමින් කප් සිටුවීම සහ දේවාශිර්වාදය ලබා ගැනීම පසුගියදා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමන් සහ නියෝජ්‍ය අමාත්‍ය ගරු කරූ පරණවිතාන මැතිතුමන් සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි.

අවුරුදු කුමරිය සහ කුමරා අභිෂේකය ලබන්න, ඔබත් දැන්ම අයැදුම් කරන්න…

සාම්ප්‍රදායික සහ නවීකාරක තරග රැසකින් සමන්විත මෙම අවුරුදු උත්සවයේ මහානගර අවුරුදු කුමරිය සහ අවුරුදු කුමරා තේරීමේ තරගය සඳහා මේ වනවිට අයදුම්පත් භාරගනු ලැබේ.2

මෙම අවුරුදු උත්සවයේ මහානගර අවුරුදු කුමරිය තරගයේ ජයග්‍රාහිකාවට මුදලින් රුපියල් 75,000ක් හිමිවන අතර, දෙවන සහ තුන්වන ස්ථාන සදහා පිළිවෙළින් රුපියල් 60,000ක් සහ රුපියල් 50,000ක් බැගින් හිමිවේ. එසේම, හතරවන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වාද මුදල් ත්‍යාග හිමිවේ. (අයදුම්පත් ස`දහා මෙතැන ක්ලික් කරන්න)

මහානගර අවුරුදු කුමරා ස`දහා මුදලින් රුපියල් 60,000ක් හිමිවන අතර, දෙවන සහ තුන්වන ස්ථාන සඳහා රූපියල් 60,000ක් සහ රුපියල් 50,000ක් බැගින් හිමිවේ. එසේම, හතරවන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වාද මුදල් ත්‍යාග හිමිවේ. (අයදුම්පත් ස`දහා මෙතැන ක්ලික් කරන්න)

මීට අමතරව පාපැදි ධාවන තරගය (අයදුම්පත් ස`දහා මෙතැන ක්ලික් කරන්න) සහ පුරසැරිය මැරතන් තරගය (අයදුම්පත් ස`දහා මෙතැන ක්ලික් කරන්න) සම`ග සාම්ප්‍රදායික අවුරුදු තරග මෙන්ම ජනකී්‍රඩා ඇතුළු විචිත්‍රවත් අංග රැසකින් මෙම මහා අවුරුදු උත්සවය සමන්විත වේ.

තරග පිළිබඳ වැඩි විස්තර සඳහා අමතන්න :

උමේන්ද්‍ර – 071 1 140 000
තුල්ෂි – 071 5 562 971

මෙම අවුරුදු උත්සවය පැවත්වෙන පරිශ්‍රය තුල වෙළඳකුටි සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ඇති අතර ඒ සඳහා වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පහත අංකයන් අමතන්න.

මහේන්ද්‍ර – 077 22 79 118 / 0775 78 75 78

මෙම අවුරුදු උත්සවයෙන් පසුව ශිල්පීන් 1200 දෙනෙකු සහභාගි වන මහා සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වෙන අතර, ඉන් අනතුරුව මහේෂ් දෙණිපිටිය ප්‍රමුඛ වාදක මඩුල්ල සහ භාතිය – සන්තුශ්, උමාරියා සිංහවංශ, නිරෝශා විරාජිනි, උරේෂා රවිහාරි, ඉෂාක් ඛෙග්, අමිත වෙඩිසිංහ, සුසිල් ප්‍රනාන්දු, සුනීර සුමංග ඇතුලූ සිංහල සහ දමිළ ගායන තරු සහභාගී වන මහා මියැසි ප්‍රසංගයක්ද සංවිධානය කර තිබේ.