‘ලංකාව වැනි රටක් ගොඩගන්න පුලුවන් විවෘත ආර්ථීකයක් තුළ පමණයි’ – නීතිඥ චාමර ජයසිංහ

0
31

ජාතික ජනතා පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලමේන්තුවට තරග වදින නීතීඥ නීතිඥ චාමර ජයසිංහ මිගමුව මාධ්‍ය සමාජයේදී සිදුකරන ලද මාධ්‍ය හමුවේදී ඔහුගේ දේශපාලන දැක්ම සහ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වන ලදී. 

 

විශේෂයෙන් කියන්න ඕනේ හොඳ උගත් තරුණ කණ්ඩායමක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනතා පක්ෂය වෙනුවෙන්  අපි ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් මේ පවතින වාතාවරණය තුළ අපි වගේ පක්ෂයක් ඇයි මේ ඡන්ද පොර පිටියට එන්නේ කියන එක සම්බන්ධයෙන් දැනුවත් කරන්න  ඕනේ. මොකද කියනවා නම් අපි දකිනවා අරගලය  කාලසීමාවත් එක්කම දැන් එහි දිගුවක් විදිහට යම් සමාජ පරිවර්තනයක් වෙලා තියෙනවා. මේ  සමාජය තුළ අල්ලස දූෂණයට විරුද්ධ වෙලා තියෙනවා , ලොකු හඬක් එක්ක.
වාමාංශික බලවේගයක් ලංකාවේ  බලය අල්ලගෙන තියෙනවා. ඉතින් අපිත් යම් සහයෝගය ලබාදීමක්  සිද්ධ කළා. නමුත් අපේ බලාපොරොත්තු වෙන්නේ හැමදාමත් මේ අල්ලස දූෂණය කියන එක විකුණ විකුණ ඉන්න බැහැ . මෙතනින් එහාට අපි ආර්ථිකය දියුණු කරන්න ඕන. ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ.ඉතින් අපි හිතනවා පිරිසිදු දක්ෂිණාංශ දේශපාලන බලවේගයක් විදිහට  මධ්‍යස්ථ පිරිසිඳු දේශපාලන පක්ෂයක් විදිහට අපිට තමයි මේ විෂන් එක එහෙම නැත්නම් මේ හැකියාව තියෙන්නේ මේ ආර්ථික දිශානතිය කොහොමද කියලා තීරණය කරන්න කියන එකයි  අපේ විශ්වාසය වෙන්නේ. ඉදිරි මම හිතන්නේ  අවුරුදු පහක් , දශකයක් කාලයක කාලසීමාවක් ගතවෙද්දී ලංකාවේ පළමු වැනි ප්‍රබලම දක්ෂිණාංශික පක්ෂය බවට ජාතික ජනතා පක්ෂය පත් වෙයි කියලයි අපේ නම් බලාපොරොත්තුව.
ඔයාලාට පේනවා වර්තමානය ගත්තහම ශක්තිමත් විපක්ෂයක් හදන්න එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයට උදව් කරන්න කියලා නානාප්‍රකාර පක්ෂ , පුද්ගලයෝ ඇවිල්ලා ඉන්නවා. මම ආරාධනා කරනවා පොඩ්ඩක් හොයලා බලන්න කියලා.
ඇතැම් නළුවෝ හිටියා, මම හිතන්නේ අල්ලස දූෂණයට විරුද්ධව, “උන් ඔක්කොම එකයි මල්ලි”  , “උන් ඔක්කොම හොරු මල්ලි  ” කියාපු පුද්ගලයෝ හිටියා,  නළුවෝ හිටියා දැන් අපි ඉල්ලා සිටිනවා පොඩ්ඩක් හොයලා බලන්න. කවුද ඔවුන්ගේ පස්සෙන් ඉන්නේ. ඔවුන් ඇවිල්ලා රට ගැන හිතලද , රටද ඔවුන්ගේ පළමුවැනි න්‍යායපත්‍රය වෙන්නේ.කියන එක ගැන ඔබ තමුන්නාන්සේලා ඉස්සරහ ප්‍රශ්නයක් තියෙනවා. කාගේ සල්ලිද මේ ක්‍රියාත්මක වෙන්නේ. මොන ජාවාරම්කාරයෝද ඔවුන් පස්සෙන් ඉන්නේ ඉතාම කනගාටු වෙනවා යම් යම් පුද්ගලයන් ඒ පත්වෙච්ච තත්ත්වයන් සම්බන්ධයෙන්.  මම හිතන්නේ ඔවුන්  පාර ගිහිල්ලා ටින් එකකට සල්ලි ඉල්ලලා ,නැති බැරිකම කියලා, ඒ දේ කරා නම් මම හිතන්නේ මීට වඩා නම්බුයි. ඒ වගේ ඔවුන් හදාගත්තු  ප්‍රතිරූපයම විනාශයට පත් වුණා කියන එකයි , විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඒ වගේම දැන් ආණ්ඩුවේ ඉන්නවා, ජාතික ජන බලවේගය, එන්.පී.පී. එක බලයේ ඉන්නවා. ඔයගොල්ලන්ට ආරාධනය කරනවා. ඔවුන්ගේ අපේක්ෂක ලැයිස්තුව දිහා බලන්න කියලා. මම කියන්නේ මෙහෙමයි අපි දැන් එක කොටසක් ඉවර කෙරුවා. හරිද .යම් පැලැන්තියක් තමයි පාර්ලිමේන්තුව නියෝජනය කෙරුවේ. යම් පැලැන්තියක් තමයි පාර්ලිමේන්තුවේ.එක්කෝ එක පාසලක් වෙන්න පුළුවන් , එක්කෝ ඒක ධනය වෙන්න පුළුවන්. මොකක් හෝ මොකක් හරි වලව් යම් පැලැන්තියක් නියෝජනය කරනවා වෙන්න පුළුවන්.
නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ මේ පාරත්, ඉදිරියටත් යම් පැලැන්තියක් පමණක් ගේන්න. මම හිතන්නේ  උගත් බුද්ධිමත් පිරිස පාර්ලිමේන්තුවට යා යුතුයි.  බිම් මට්ටම නියෝජනය වන ඒ කියන්නේ ආචාර්යවරු,  මහාචාර්යවරු මේකට යන්න ඕන කියලා නියමයකුත් නැහැ. ඇත්තටම කියනවනම් අපිට දැනෙන විදිහට මේ තවත් බමුණු කුලකයක් පාර්ලිමේන්තුවට යැවීමේ අවස්ථාවක් තියෙනවා කියන එකයි.
මොකද අපි දැක්කා දැන් මේ මීගමුවම  ආශ්‍රිතවම වැඩ කරපු හොඳ නීතිඥවරු හිටියා, සමාජ ක්‍රියාකරුවන් හිටියා.ඔවුන් දැන් .එන් .පී.පී  ලැයිස්තුවේ නෑ.ඔවුන් හැලිලා ගිහිල්ලා තියෙනවා. සමහරක් වෙලාවට අපිට පුදුම හිතෙනවා සමහරක් පුද්ගලයෝ මේ ලැයිස්තුවට ආපු එක ගැන. ඉතින් මම දකින විදිහට මගේ පෞද්ගලික මතය මේ හදන්නේ තවත් කුලකයක් විශේෂ කරලා පාර්ලිමේන්තුවට යවන්න.
මම හිතන්නේ ආචාර්යවරයෙක්,  මහාචාර්යවරයෙක්, පාර්ලිමේන්තුවට යා යුතුයිමයි කියන මතයේ අපි ඉන්නේ නෑ.නමුත් යම් උගත් මට්ටමක් තියෙන පිරිසක් ඉන්න ඕන කියලා අපි පිළිගන්නවා. නමුත් මේ සියලු සන්දර්භයන් එක්ක එක්ක තමයි අපි එන්නේ.
අපි පිළිගන්නේ ,අපි හිතන්නේ ලංකාව වගේ රටක, මේ ආර්ථික අහේනියක් තියෙන රටක මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් ,දක්ෂිණාංශ පක්ෂයකට විවෘත ආර්ථිකයක් ඇතුළේ,සාධාරණ වෙළඳපොළ තරගයක් ඇතුළේ, පුද්ගලයන්ට දියුණු වෙන්න අවස්ථාව දීලා, හොඳ ආර්ථික දර්ශනයක් එක්ක තමයි මේ රට දියුණු කරන්න පුළුවන්.
එහෙම නැතුව අපේ විශ්වාසයක් නෑ සමාජවාදී හෝ ඒ වාමාංශික ඒ ආර්ථික මොඩලයන් තුළින් මේ රට දියුණු කරන්න පුළුවන් කියලා.
අපේ ආර්ථික වැඩ පිළිවෙල

ඇත්තෙන්ම අපේ  ප්‍රතිපත්ති ප්‍රකාශනයක් භාෂා ත්‍රීත්වයෙන්ම එළි දක්වලා තියෙනවා. විශේෂයෙන්ම කෙටිකාලීන මධ්‍යකාලීන,  සහ දිගුකාලීන  ආර්ථික මොඩලයන් සහ මේ ආර්ථිකය කොහොමද ගොඩ ගතයුතු  කියන තත්ත්වයන් සහ විශේෂයෙන් අපි මේ තාක්ෂණය, පරිගණක තාක්ෂණය  ප්‍රමුඛ කරගත්තු සේවා ආර්ථිකය දියුණු කිරීම තමයි අපේ මූලිකවම අපි බලාපොරොත්තු වෙන්නේ. විභවයක් තියෙන  ආදායමක් ඉපැවිය හැකි මාර්ගයක් අපි තෝරා ගත යුතුයි. මොකද අපි වගේ රටක්  මොකද අපි පල්ලෙහා මට්ටමේ ඉන්නේ, දැනට ආර්ථික වශයෙන්.ඒ සම්බන්ධයෙන් පුළුල් විධිමත් කතිකාවක් පක්ෂය සම්බන්ධයෙන් තියෙනවා.

IMF ණය ක්‍රියාවලිය
අපේ පක්ෂයේ නායකතුමා වෙන මංජු නිශ්ශංක ආයෝජන හා බැංකු ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් තියෙන කෙනෙක්. මම හිතන්නේ ඔය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලංකාවේ  දැනට ඉන්න හොඳම දැනුමක් හොඳම මොලයක් මම හිතන්නේ මංජු නිස්සංක අපේ නායකතුමා, එතුමාට ජාත්‍යන්තරව මම හිතන්නේ මේ වගේ රටක් ගත්තොත් මේ ණය ප්‍රමාණයට වඩා ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සහ ඒ සඳහා ලොකු අවධානයක් සහ අවබෝධයක් තියෙන අනිවාර්යයෙන් එන සෑම රටක් ම  කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට මේ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩසටහන් වලට යා යුතු වෙනවා. ඒ නැතුව අපිට මේ දේ කරන්න අසීරුතාවයක් තියෙනවා. රටක වාසිදායක වන වාතාවරණයක් හදාගෙන  ඒ අදාළ ආයතන සමග මේ ණය  ප්‍රතිව්‍යුහගත කිරීම් සහ  ඉදිරි ආර්ථික කටයුතු සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා.

සාධනීය විපක්ෂයක කාර්යභාරය
 
ඇත්තෙන් අපි සාධනීය විපක්ෂයක කාර්යභාරය සිද්ධ කරනවා. මොකද අපි දැක්ක පහුගිය විපක්ෂයට හිටියේ බැන අඩ ගහගන්න විතරයිනේ.ඊට එහා ගිය කාර්යභාරයක් විපක්ෂයට තියෙනවා. හොඳ දේට හොඳ කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් හොඳ පිටකොන්දක් කෂේරුකාවක් තියාගෙන වැඩ කරන්න ඕනේ විපක්ෂය. මොකද  සාධනීය ශක්තිමත් විපක්ෂයක් කියන්නේ ආණ්ඩු පක්ෂයටත් හයියක්.මොකද මේ මත ගැටෙන්නේ නැතුව ඒ දේවල් වෙන්ඩ බැහැ. අපි කවදාවත් පක්ෂයක් සමඟ පක්ෂය තුළට ගිහිල්ලා වැඩ කරන්න යන්නේ නැහැ. නමුත් ආණ්ඩුව කරන යහපත් දේවල් වලට සහයෝගය දක්වනවා. නමුත් අපේ දර්ශනයට නොගැලපෙන සහ රටට අහිතකර දේවල් වලට අපි තදින් විරුද්ධ වෙනවා.

ජනතාවට දෙන පණිවිඩය

අපිට කියන්න තියෙන්නේ මනුස්සයා කියන්නේ, සතෙක්. කිසිම සතෙක්ට අසීමිත ලෙස බලය දෙන්න සුදුසු නෑ. එහෙම උනොත් එතන මතුවෙන්නේ වියරුවක්. ඒක හොඳට මතක තියාගන්න කියලා අපි හැමෝටම කියනවා. මොකද අපිට ඉතිහාසයක් තියෙනවා.අපිට දේශපාලන ඉතිහාසයක් තියෙනවා. අපි ජිවත් වෙච්ච විදිහක් තියෙනවා. ඒවායේ අත්දැකීම් අපිට තියෙනවා.ඉතින් ඒක හින්දා ඉතාමත්ම කල්පනාවෙන් ලංකාවේ ඡන්දදායකයෝ හැමතිස්සේම තීරණය කරන්නේ මේ වෛරය මත.වෛරය මත තමයි ඡන්දේ දෙන්නේ. ප්‍රතිපත්තියක් මත හෝ දර්ශනයක් මත චන්දෙ දෙන්නෙ ඉතාමත් අතලොස්සක්.මං හිතන්නේ මේ පාරත් අති මහත් බහුතරයක් ,අපි මේක දුන්නේ දූෂණයට විරුද්ධව නමුත්  අතිමහත් බහුතරයක් ඡන්දය දුන්නේ ද්වේශයෙන්.
මං කියන්නේ ඒකෙන් අපි මිදෙන්න ඕනේ. පුරවැසියෝ විදිහට පුරවැසියා කියන කන්සෙප්ට් එකට ඒ ආකල්පය තුළ ඉඳගෙන  කටයුතු කරන්න ඕනේ.තමන් අදහන නැත්නම් තමන් විශ්වාස කරන ආර්ථික දර්ශනය ,සමාජ දර්ශනය පදනම් කරගෙන මිනිස්සු ඡන්දෙ දෙන්න පටන් ගන්න ඕනේ.බහුතරයක් පොහොට්ටු යු.එන්.පි  පාක්‍ෂිකයෝ එන්.පී. පී. එකට ඡන්දෙ දුන්නා.හැබැයි ඔවුන් දන්නෙ නෑ එන්.පී.පී.එකට ඇයි ඡන්දෙ දුන්නේ කියලා.
තරහට දුන්නේ නමුත් එයින් මිදෙන්න ඕනේ.දැනුවත් සමාජයක් බිහිවෙන්න ඕනේ.දැනුවත් ඡන්ද දායකයෙක් බිහිවෙන්න ඕනේ. ඒකයි අපි මේ අවස්ථාවේ ඡන්ද පොර පිටියට ඇවිල්ලා, මේ දැනුවත් කිරීම් කරගෙන තමන්ගේ මතය මොකක්ද කියන එක ,ගොඩ වැඩි ගොඩට ගිහිල්ලා හේතු වෙන එක නෙමෙයි, නමුත් ඍජුව ඉඳගෙන තමන්ගේ මතය අපි විශ්වාස කරන්නේ දක්ෂිණාංශික මතය ,ඒ මතය ස්ථාපිත කරන්නයි අපි සූදානම්.

බලයට පත් කළ නව ආණ්ඩුව මේ වන විට මහජන බලාපොරොත්තු ඉටුකළාද ?.

අපි සාධාරණ විය යුතුයි. යම් සාධාරණ කාලයක් අපි ඔවුන්ට ලබා දිය යුතුයි කියන තැන ඉන්නවා. නමුත් අපි දන්නවා එක එක පොරොන්දු දුන්නා.අඩුම තරමින් ඒ දේවල් ක්‍රියාත්මක කර ඡන්ද කාලයේ කරන ඡන්ද සංදර්ශනය ගැන නෙමෙයි  මම මේ කියන්නේ සත්‍ය විදිහට උදාහරණයක් විදිහට ගත්තොත් අර උගන්ඩාවේ සල්ලි කතාව.දැන් ඒක ඒ ඒ වගේ බොළඳම තර්ක නැවතත් ඔවුන් ගේනවා නම් ඒක ඉතාම ඛේදාන්තයක්.නමුත් අපි ඔවුන්ට යම් කාලයක් ලබාදිය යුතුයි , කියන එකේ අපි ඉන්නවා. අපිට පේන්න තාම නම් ඒ  කියපු දේවල් කරන්න සූදානම් නැහැයි කියන එක තමයි අපේ මතය වෙන්නේ.

යම් පැලැන්තියක් හෝ සමාජ කොටසක් ආණ්ඩුව විසින් ආරක්ෂා කරනවද ?

මම හිතන්නේ අපිට එහෙම උපකල්පනයකට එන්න  කල් වැඩියි කියන එකයි දැනට,  සහ ඔවුන් සමග ගනුදෙනු කරන පිටදී ගනුදෙනු කරන ආකාරය අනුව මගේ විශ්වාසය ඔවුන් ඔය කියපු විදිහට කටයුතු කරන්නේ නෑ කියන එකයි.

අරගලයට දැක්වු දායකත්වය.

මං හිතන්නේ අපි ප්‍රාදේශීය වශයෙනුත් මීගමුව, ජා -ඇල අරගල භූමියේත් ගෝල්පේස් හි තිබුණ අරගලයත් සමගත් නිරන්තරව ගැටුණා.  මට දැනෙන ඒ කණගාටුව තමයි අපි ඒ අරගලයෙන් අත්පත් කරගන්න හදපු ඒ අරමුණු  සමඟ තවමත් ඔවුන්  ඒ පුද්ගලයෝ සමඟ ඉන්නවද කියන එකයි.
අරගලය අපි දකින්නේ කිසිඳු නායකත්වයක් නැතුව මෑත ඉතිහාසයේ අවුරුදු 70 ගානකට 100 විතර පස්සේ සෘජු  මිනිස්සු ස්වේච්ඡාවෙන් ඇවිත් සිද්ධ කරපු ඒ තත්ත්වයක්. අපි ඒකට ගොඩක් දායක වුණා. සමහර විටක අපේ ජීවිත නැති වෙන්න තිබුණා අවසානදා රාත්‍රියේ. ඉතින් ඒ ගැන සතුටුයි. මම හිතන්නේ අපි ඒ අරගලෙන් බලාපොරොත්තු වෙච්ච යහපත් සමාජය සන්තෝෂයෙන් මේ රටේ ජීවත් වෙන්න නේ අපි ඒ අරගලය කළේ. සන්තෝෂයෙන් ජීවත් වෙන්න අපිටත්,අපේ දරුවන්ටත් සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් හොඳ රටක් හදන්න. තිබ්බ දූෂිත පාලනය කරන්න නැති කරන්න. අත්තනෝමතික බලය පලවා හරින්න. මම හිතනවා ඒක තමයි අපේ අරමුණ වෙන මේ චන්දෙට ඇවිල්ලත්  එකේ  දිගුවක් විදියට අපේ ජීවිත කැප කරලා කටයුතු කළා.

අවාසනාවකට අවසානයේ අරගලය කෑලි කෑලි කඩලා යම් යම් පිරිස් අයිතිකරගත්තා

එය සෘජුව මෙලෙස නොවුනත් ඒක සමාජ පරිවර්තනයක ආරම්භයක්. මේ මිනිසුන්ගේ ඔලු හැදුනේ  එතනින්.  මහා බලවත් මිනිසුන් හිටියේ. හොලවන්න බැරුවනේ හිටියේ. ගෝඨාභය රාජපක්ෂ, රාජපක්ෂ ෆැමිලි එක, කවුද හිතුවේ එහෙම වෙයි කියලා.රජෙක් නේ. රජා කියලනේ කිව්වේ.  රජාණෝ කියලනේ සින්දු හැදුවේ. බෑග් අකුල ගෙන යන්න වෙයි කියලා කවුද හිතුවේ? සමාජ පරිවර්තනයකට මුලපිරුවේ එතනයි. පහුකාලීනව ඒ අරගලයට අයිතිකරු ගොඩක් බිහිවුණා. නමුත් මං කියන්නේ ආරම්භයේදීම ඒක බොහොම හොඳ මිනිස්සුන්ගේ ස්වේච්ඡාවෙන්ම ආපු පක්ෂ බේදයකින් තොර අරගලයක්. අවාසනාවකට අවසානයේ අරගලය කෑලි කෑලි කඩලා යම් යම් පිරිස් අයිතිකරගත්තා.

උදය ගම්මන්පිල එළිදැක්වූ කමිටු වාර්තා 

ඇත්තෙන්ම ඒ කමිටු වාර්තා දෙක ගැන ගැඹුරු අධ්‍යනයක් මගේ නෑ. මගේ දැනුම අනුව මම හිතන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තා එළිදැක්විලා   තියෙනවා. ඒකෙ මම හිතන්නේ පැහැදිලිව දක්වලා තියෙනවා මේවට වරදකාරයෝ කරේ කවුද කියලා.මම හිතන්නේ  ඔය කිව්ව ගම්මන්පිල මහත්තයා ඒ  ගත්තේ  මම හිතන්නේ ඔහු වෙනම කැම්පේන් එකක් අරන් ගියේ. ඔහුට සෘජු ඕන කමක් නෑ, ඒ වින්දිතයන්ට දීමවත් නැත්නම් ඒ කොමිෂන් සභා වාර්තාවටත්, කෙසේ වෙතත්  මම කියන්නේ මේ ආණ්ඩුව බලයට ආවේ මේ ප්‍රධාන පොරොන්දුවක් මේක. මම හිතන්නේ කටුව පිටියටත් ආවා , අනුර කුමාර දිසානායක මැතිතුමා.මම හිතන්නේ කාටත් පිළිගන්න පුළුවන් ස්වාධීන විමර්ශනයක් මේ සඳහා  නැවත පැවැත්වීම සුදුසුයි කියල මම හිතනවා

මම කියන්නේ අර කුණු මඩ ගොහොරුවක වැටිච්ච  ජනතාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු ,උදේ ගම්මන්පිල, විමල් වීරවංශ, වගේ මිනිස්සු ප්‍රතික්ෂේප කරපු ඇත්තෙන්ම මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු නරුමයෝ  මම හිතන්නේ ආයෙත් පාරක්  එක එක වේශයෙන් එන්න හදනවා ,මිනිස්සුනුව රවට්ටන්න. මම හිතන්නේ මිනිස්සු රැවටෙයි කියලා, මෙදා පාර. ඒක රැවටෙන කාලයකුත් තිබ්බා.  මිනිස්සු අයේ රැවටෙයි කියලා.