ලංකාව චීන ණය උගුලේ පැටලි ඇති අයුරු බංග්ලාදේශය කියයි !

0
273

චීනය සමඟ ගනුදෙනු කරද්දී, කල්පනාවෙන් කටයුතු කරන බවත්, අසල්වැසි ශ්‍රී ලංකාව මෙන් අමාරුවේ නොවැටීමට වගබලා ගන්නා බවත් බංග්ලාදේශය පවසා තිබේ.

මේ බව බංග්ලාදේශය වෙනුවෙන් ‘අයි.බී. ටයිම්ස්’ පුවත්පතතට පවසා තිබුනේ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක ලෙස කටයුතු කරන ගවුහර් රිස්වි විසිනි

දිළිඳු මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් කීපයක් මේ වනවිටත් චීනයේ ‘ණය උගුලට’ හසුවි ඇති බවත්, ඔවුන්ට චීනයේ බලපෑමට යටත් වීමට සිදුවී ඇති බවත් ගවුහර් රිස්වි විසින් පැහැදිලි කර තිබුණි.

චීනය සමඟ ගනුදෙනු කරද්දී ශ්‍රී ලංකාව අමාරුවේ වැටුණු හැටි හොඳින් අවබෝධ කර ගනිමින් සහ එයින් පාඩම් ඉගෙන ගනිමින් චීනය සමඟ ගනුදෙනු කරද්දී බංග්ලාදේශ රජය ඉතා කල්පනාවෙන් කටයුතු කරනවා යැයි ද ගවුහර් රිස්වි අවධාරණය කර තිබිම තුල ලංකාව අද පත්ව ඇති තත්වය ලෝකයා හමුවේ නිරාවරණය වෙමින් තිබේ.

ලංකාව මේ ආකාරයෙන් චීන ණය උගුලේ පැටලි ඇති ආකාරය ගැන අසල්වැසි රටක් විසින්ම උදාහරණයට ගනිමින් කරුණු දක්වා තිබිම තුල ලංකාව පත්ව ඇති අර්බුදයේ ප්‍රමාණය වටහා ගත හැකි වනු ඇත