ලංකා ඊ නිව්ස් කර්තෘට ප්‍රශ්ණ පත්තරයක් ?

0
41

මාධ්‍ය නිදහස වෙනුෙවන් සත්‍ය සටනක් කොළඹ පැවැත්වෙද්දි විපක්ෂ නායක සහ ජනපති පොදු අපේකෂකද රවටා මාධ්‍යකරුවන්ගේ ජාතික සමුළුවක් පවත්වා ඇතැයි ලංකා ඊ නිව්ස් කර්තෘවරයා විසින් ඔහුගේ වෙබ් අඩවියේ සටහන් වැනි යමක් යොදා තිබුණි.
වෘත්තිය වෙබ් මාධ්‍යව්දින්ගේ සංගමයද නියෝජනය කළ මේ මාධ්‍යවේදින්ගේ ජාතික සමුළුව ගැන ‘ලංකා ඊ නිව්ස් ‘ කතුවරයා විසින් එකි පුවතේ ලියා ඇති ප්‍රධාන කරුණ සම්බන්ධයෙන් පහත ප්‍රශ්ණ කිපයක් යොමු කරනු කැමැත්තෙමි.

මාධ්‍ය නිදහස වෙනුවෙන් සත්‍ය සටනට දෙසැම්බර් 10 වනදා සවස කොළඹ කොටුවට පැමිණ සිටි අය‍ගෙන් මාධ්‍ය වෘත්තියේ ඇත්තටම නියැලෙන මාධ්‍යකරුවන් කියක් පැමිණ සිටියේද ?
( මෙසේ ලියන්නේ ඇතැම් මාධ්‍ය සංවිධාන වල නිල තල  දරන ඇතමුන් ජිවිතේට කිසිදු මාධ්‍යක කිසිදු කටයුත්තක් කර නැති නිසාවෙනි )
‘ලංකා ඊ නිව්ස් කතුවරයා  විසින් ඔහුගේ  සටහනේ සදහන් කර තිබුු ලංකාවේ ප්‍රධාන පෙලේ සංවිධාන ලෙසින් හදුන්වා තිබෙන මාධ්‍ය සංවිධාන මෑත ඉතිහාසයේදි කොළඹ පැවති උද්ඝෝෂණයකට සංවිධානාත්මකව ගොනු කළ මාධ්‍යවේදින් ගණන කියද ?
එහි සදහන් මාධ්‍ය සංවිධාන සියල්ලම එක්ව කොළඹදි උද්ඝෝෂණයක් සංවිධානය කරන්නේ නම් ඇත්තටම මාධ්‍ය වෘත්තියේ නියැලෙන මාධ්‍යකරුවන් අවම වශයෙන් 25 දෙනෙකුට වඩා වැඩි පිරිසක් සංවිධානාත්මකව ගොනු කළ හැක්කේ නම් මාධ්‍ය නිදහස සදහා වන අරගලයට එය කොතරම් නම් ශක්තියක් වෙයිද ?IMG_8136