


ෆෝට් සිටිය රාජපක්ෂ පාලනය යටතේ පිමි පනිමින් ඉදිරියට යද්දි නිමල් ලංසා පාර්ලිමේන්තුවේ සිය සුපුරුදු බෙරිහන්දිම කරමින් කියා සිටියේ ෆෝට් සිටියෙන් කිසිදු පරිසර හානියක් සිදුනොවන බවත් පරිසරවේදින් බොරු කියා තිබුන බවත්ය.
රාජපක්ෂ බේබිලාට වැලි කදුවල රේස් යද්දි ඒ වැලි නිසා මිගමුවට දැන් නිම නොවන ශාපයකට මුහුණ දිමට සිදුව තිබේ.
පාර්ලිමේන්තුවේදි ඔහු මේ ප්‍රකාශය සිදුකොට දින කිහිපයක් යන්නට මත්තේන් 2019 දිනකදි මිගමුව මෝරවලේ ගල්බැමි පවා මුහුදට සේදි යමින් විශාල පරිසර විනාශයක් සිදුකර තිබුණි.
වරාය නගරය නිසා විනාශයක් සිදුවන බව සමාජ ක්‍රියාකාරින් මෙන්ම පරිසර සංවිධාන දිගින් දිගටම මතුකරමින් සිටියදි පසුගියදා පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් නිමල් ලංසා කියා තිබුනේ සිවිල් සංවිධාන පරිසර විනාශයක් වන බවට බොරු කියා සිටියද වරාය නගරය ඉතා හොද ව්‍යාපෘතියක් බවය.


ඒදා ඔහු මෙසේ අදහස් පළකොට දින කීපයක් යන්නට මත්තෙන් මිගමුව මෝරවල ඇතුළු ප්‍රදේශයට මහත් විනාශයක් ගෙන එමින් දැවැන්ත මුහුදු ඛාදනයක් සිදුවෙමින් තිබේ.ඒ භායනක තත්වය දැක බලාගැනිම සදහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත මහතා මෝර වල ප්‍රදේශයට පැමිණි තිබුණි.පෝට්සිටි ව්‍යාපෘතියේ අනිටු ඵලවිපාක හේතුවෙන් මුහුදට බිලිවන මීගමුව ධීවර ජනතාව හමුවි අදහස් බෙදාගැනිමටද ඔහු කටයුතුර තිබුණි.
දැන් එ විනාශය කොයි තරම් නම් ඉදිරියට ගොස් ඇත්තේදැයි දැනගැනිමට ලංසාලා යා යුත්තේ මිගමුවේ මෝරවල ප්‍රදේශයටය. දැන් මෝරවලේ ගල පවා පුපුරා යමින් තිබේ. මෝරවල දූව පිටිපන ප්‍රදේශවලට ස්වාභාවික ආරක්ෂක ගල්වැටියක් වු මෙය නිසා සුනාමියේදි පවා දැඩි හානියක් සිදුව තිබුනේ නැත.

දැන් මේ විනාශ වෙමින් කඩා වැටෙන්නට පටන් ගෙන ඇත්තේ එ ගල් වැටියයි.
මේ ගැන ඉතා කදිම ලෙසින් විග්‍රහ ඉදිරිපත් කරන්නෝ නම් ධිවරයෝම වෙති. නාවරයෝ ෆෝට් සිටියෙන් හම්බකර ගද්දි ඇත්ත ධිවරයෝ සිදුවන්නට යන විනාශය ගැන තිත්ත ඇත්ත කියති….