ලංසලා සහ පල්ලිය නිසා පව් ගෙවන මිගමු මාළු වෙළද සැලේ අසරණයෝ …….

0
768
wp 1670090634737
wp 1670090634750

රු ලක්ෂ 400 ක වියදමින් රජය විසින් ඉදිකරන්නට යෙදුන මිගමුවේ මාළු වෙළද සංකිර්ණය මේ වන විට කැඩි විනාශ වි ගොස් තිබේ.
එයට මුලිකම හේතුව වි තිබුනේ මුහුද ආසන්නයේ කල්පවතින ලෙසින් මෙම ඉදිකිරිම සිදුකිරිමට එදා නිමල් ලංසා ප්‍රමුඛ ආදල රාජ්‍ය නිලධාරින්ට නොහැකි විම නිසාය.
සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමට යැයි කියා ජයිකා ආධාර යටතේ මිගමුව මහනගර සභාවේ පාලනයට භාර දුන් මෙම මාළු වෙළද සංකිර්ණය නිමල් ලංසා විසින් එදා මිගමුව වැල්ලවිදිය පල්ලියට පවරා ඉන් අනතුරුව තමන්ගේ පියාට එය ටෙන්ඩර මගින් ලබාදිමටද කටයුතු කළ තිබුණ අයුරු මිගමුවේ ප්‍රසිද්ධ රහසකි.
මහනගර සභාවට පැහැදිලි ලෙසින් ආදායම් ලබමින් නිසි පරිදි මෙම මාළු වෙළද සංකිර්ණය නඩත්තු කිරිමට අවස්ථාවක් මේ නිසාම නොලැබි ගිය අතර මේ වන විට මේ මාළු කඩය කැඩි විනාශ වි ගොස් තිබේ.

wp 1670090634664


ඒ විනාශයට මුලික වශයෙන් මග පැදු නිමල් ලංසා 2021 ජුලි මාසයේදි මිගමුවේ මාළු කඩය අසල වෙරළ තීරය ගැන බලන්නට තවත් ඇමතිවරයෙකු හා මිගමුව පැමිණ තිබිම සැබැවින්ම දෛවයේ සරදමක් වැනිය

මිට වසරකටත් වැඩි කාලයක් ගෙවි ගොස් තිබුනද පල්ලිය හෝ ලංසලා මෙහි මාළු විකුණන වෙළදුන්ගේ මැසිවිලි වලට කන් දුන්නේ නැත.අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් මේ වෙළදුන් දැන් ගෙවමින් සිටින්නේ පල්ලියේ ස්වාමිලාගේ සහ ලංසලාගේ පව් නොවේද ?

වෙරළක් කිසිදා පල්ලියකට අයිති නැත. වෙරළ සංරක්ෂණ ඇමති විසින් මුලින්ම කළ යුතුව ඇත්තේ වෙරළේ අයිතිය බේරාගැනිමයි. එයට මුලිකත්වය ගැනිමට ප්‍රතිපත්තිගරුක විපක්ෂයක් නැතිම මිගමුවට ඇති ලොකුම අඩුවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here