ලංසාගේ ජිවංගට මහින්දත් විරුද්ධයි ! ප්‍රසන්න විතරක් කැමැතිලු !

0
45

 

mahinda-rajapaksa-basil-rajapaksa-2010-4-4-12-50-29-colombotelegraphඅප කලින්ද සදහන් කර ඇති පරිදි මිගමුවේ පොහොට්ටු දේශපාලනය දැන් ඇත්තේ බරපතල අර්බුදයකය.ඒ මන්ත්‍රිධුර බෙදාගැනිම මුල්කොට ගෙනය.
නිමල් ලංසාගේ ඒකාධිකාරිවාදි මැදිහත්විම් දැන් පැහැදිලි අභියෝගයකට ලක්ව තිබේ.මේ අනුව ඉදිරියේදි මීගමුවේ දේශපාලන නායකත්වය සරත් ගුණරත්න වටා පෙළගැසිමට නියමිතය.
සරත් යනු මීගමුව තුල පමණක් නොව ලංකාවේම දේශපාලනය තුල ජේෂ්ඨයෙකි.
මේ නිසාම මන්ත්‍රිධුර තේරිමේ  ගැටුමේදිම හි ලබන 20 වනදා වන තවත් තවත් දේශපාලන වර්ධනයන් රැසක් මිගමුව තුල සිදුවිමට නියමිතව තිබේ.
නිමල් ලංසා විසින් ඉදිරිපත් කරන ලද අතිරේක ලයිස්තුවට අත්සන් කිරිම සරත් ගුණරත්න විසින් අත්සන් කිරිම ප්‍රතික්ෂේප කර තිබුනේ එය ලංසා පිලේ අයගෙන් පමණක් සමන්විතව තිබුණ බැවිනි.
නිමල් ලංසා විසින් සිය ප්‍රධාන දේශපාලන මිතුරා වන ජිවංග මිරැන්ඩුව අනිවාර්යෙන්ම පත්කරගත යුතු බව කියමින් අතිරේක ලයිස්තුවට ඇතුලත් කර තිබුණි.
මේ පිළිබදව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවා කැමැත්තක් නොතිබුණ වඩාත් විශ්වාස කටයුතු ලෙසින් අප හට දැනගන්නට ලැබුණි.
තතු එසේ වුවද නිමල් ලංසා විසින් හිටපු මහඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ සහයෙන් කෙසේ හෝ ජිවංග මිරැන්ඩෝව ඉදිරි වසර 4 සදහාද මන්ත්‍රිවරයෙකු බවට පත්කරගැනිමට කටයුතු සිදුකරගෙන තිබේ.
මේ පිළිබදව අදහස් පළකරන ලද ශ්‍රිලනිප ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු කියා සිටියේ ජිවංග යනු ගෙවුන දශකයකට ආසන්න කාලය තුල එකදු වචනයක් හෝ කථා නොකළ මන්ත්‍රිවරයා ලෙසින් ඉතිහාස ගතවි ඇත.