මීගමුව ආසනයෙන් වාර්තා වු එකම මැතිවරණ පැමිණිල්ල වාර්තා වි තිබුනේ ඇමති ලංසාගේ පියා ඇතුළු එජනිස සන්ධාන ආධාරකරුවන්ට එරෙහිවය.
ඒ කුඩාපාඩුව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරි සමාජිකාවක් මැතිවරණය අවසන්ව සිය නිවසට යමින් සිටියදි කුඩාපාඩුව ප්‍රදේශයේ ඇමති ලංසාගේ පවුලට අයත් බියර් හලක් අසලදි ඇය දෙසට රතිඤ්ඤාා පත්තුකර දමමිනි.
එජාප ක්‍රියාකාරිණියක් මෙසේ අපහසුතාවට පත්කිරිමට කටයුතු කළ පිරිමින් අතර මුලිකත්වය ගෙන ඇත්තේ ඇමති ලංසාගේ පියා වන පිලෙන්ද්‍රන් ලංසා බවද වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් මීගමුව පොලිසියට පැමිණිලි කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි රොසයිරෝ මහතා මීපුරට කියා සිටියේය.