හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සාගේ මූළිකත්වයෙන් දැනට වසර ගණනකට පෙර ජනතා අවශ්‍යතාවය මතුකරමින් ලහිලහියේ තනන ලද මේ බස් නැවතුම්පලෙහි ලක්ෂ 30 වැනි මුදලකට කාමර විකිණී ගිය බව සදහන්වේ. එහි සැලසුමට වඩා අමතර කොටස් ද එකතුකරමින් ( වැඩි මුදලක් හොරාකෑමට) මෙහි ගොඩනැගීම් කටයුතු සිදුවිය. මෙම ස්ථානය විශාල ජනතාවක් ගැවසෙන වෙළද මධ්‍යස්ථානයක් බවට පත්වේයැයි මවනලද සිහින තුල සිටි ව්‍යාපාරිකයින් යුහුසුළුව මෙම කාමර වෙන්කරගන්නා ලදී. නමුත් අද තත්වය වෙනස්වී වෙළදකටයුතු සදහා කිසි ඉල්ලුමක් නැතිව ඔවුන් බලවත් කණස්සල්ලට පත්ව සිටිති. මෙහි හිස්වු කාමර ජරාජීර්ණවී ඇත. පහත මහල මම් ප්‍රමාණයකට ප්‍රයෝජනයට ගෙනඇති නමුත් 2 වන සහ 3 වන මහල්වල ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමාඇති කාමර ගනනාවක් දැකියහැක. සමහර කාමරවල නාම පුවරු පමණක් දක්නට ඇත. ජනතාව නොගැවසෙන නිසා තිබෙන වැසිකිළි අබලන්ව අපිරිසිදුව පවතී.ඉහළ මාලයේ සමහරතැන්වල ටයිල් ගැලවී ගොස් ඇත. තැනින්තැන වැල් ඇද සෝදනලද රෙදි වැනීමට යොදාගෙන ඇත. සාමාන්‍ය දුප්පත් වැසියෙකුට තම නිවසේ අළුත් වැඩියාවක් හෝ එවැනි කටයුත්තක් සදහා සිමෙන්ති උරයක් ලබාගැනීම සදහා දේශපාලන බලවතුන් පසුපස යාමට සිදුව ඇති වකවානුවක මේසා විශාල අපරාධයක් සිදුවීම කොතරම් බරපතල අපරාධයක්ද? මේවා දූෂණ විමර්ෂණ ඒකකයේ ඇසට තවමත් නොගැටෙන්නේ ඇයි?