ලංසාගේ හීන බිදවැටෙයි. ආසනයක් නැති-නමට පමණක් සංවිධායකධුරයක්?

0
48

ඇමති නිමල් ලංසා හට වත්තල ආසනයේ සංවිධායකධුරය ලැබෙන බව තදබල විශ්වාසයක් නිමල් ලංසා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් වෙත පැවතියද ඒ සියළු හීන දැන් බිද වැටි අවසන්ය.
ඒ ජනාධිපතිවරයා විසින් අද ඇමති නිමල් ලංසා වෙත නමට පමණක් වන සංවිධායකධුරයක් ලබාදිමත් සමගය.
මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායකයෙකු යැයි නමට පමණක් මේ තනතුර හිමිව තිබේ.මේ අනුව කියැවෙන්නේ ඔහු ගම්පහ කිසිදු ආසනයක සංවිධායකධුරයකට කිසිදු අයිතියක් නොකියන බවය.එක්සත් ජාතික පක්ෂය විසින් ද මෙවන් සංවිධායකධුර කිපයක් පසුගිය දිනවල ලබාද තිබුණි.nimal_lanza_act
වත්තල ආසනය නිමල් ලංසා වෙත ලබාදිමට ප්‍රබල විරෝධයක් ඇමති සරත් ගුණරත්නගෙන් සහ ඇමති පිලික්ෂ් පෙරේරාගෙන් එල්ලව ඇතැයි සැලය
මීට වසර කිපයකට  පෙර ජනාධිපතිවරයා ඇමති නිමල් ලංසා බැහැදකින්නට පැමිණියේ මෙගා ටෙලිනාට්‍යයක කොටසක් ලෙස පමණකැයි  අප එදා කි දේ යළිත් සනාථ වි තිබේ.