“ලංසාට අත තියන්නේ නෑ” – මෛත්‍රී

0
90

“ගිය සෙනසුරාදා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා පොළේ ගියා. ආණ්ඩුවට හයේ පාරක් ගහලා ගෙදර ගියා. දැන් ජනාධිපතිතුමා වහාව ක්‍රියාත්මක වන පරිදි එතුමා ඇමති ධූරයෙන් අස් කෙරුවා. සුසිල්ව අස් කෙරුවා, පොළේ ගිහින් කියපු කතාවට. ලංසා ඇමතිතුමා මීට දවස් තුනකට කලින් ගම්පහදි හයේ පාරවල් දෙකක් ගැහුවා. හැබැයි ලංසාට නෑ චාර්ජ් ෂීට් එකක්. ඉල්ලා අස්වීමක්. මං දන්නවා හේතුව, ලංසට අත තියන්නේ නෑ. ඒ මොකද ලංසා ඔක්කොම දන්න මිනිහා. වෙන හේතුවක් නොවෙයි.”
(04.01.2022 – මාතලේ)

ඉන්න ජනාධිපතිතුමාට හිටපු ජනාධිපතිතුමා මේ කියන කතාව එසේ මෙසේ එකක් නම් නොවෙයි. එතුමාට මෙහෙම ප්‍රසිද්ධියේ බොරු කියන්න උවමනාවක් තියෙන්න බැහැ.

2011 වසරේ පොලිස් විශේෂ කාර්යය බලකාය මීගමුවේ නිමල් ලංසාගේ නිවස වැටලූ සැනින් එවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හෙලිකොප්ටරයකින් ගිහින් ඔහු සිප වැළඳගත් හැටිත් අමතක නැහැනේ.

කෙසේ වෙතත් නිමල් ලංසාත් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් අයින් කරන්න කියලා ගෝඨාභය ජනාධිපතිතුමාට යෝජනා කරමු..!😂
(මහින්ද රූබසිංහගේ ෆේස් බුක් පිටුවෙනි )