ලංසාට ඇමතිකමක් දීම ගැන සිවිල් සංවිධාන සිය විරෝධය පළකරති.

0
56

muthu lakee lnsa

 

 

 

 

 

 

යහපාලන වේදිකාවේදී’ බරපතළ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්වූශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිශාන්ත මුතුහෙට්ටිගම, ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ නිමල් ලන්සා ඇතුළු කිහිපදෙනකුට ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාදීම පිළිබඳව සිවිල්, සමාජ ක්‍රියාකාරී සංවිධාන රැසක් විරෝධය පළ කරයි. ඉකුත් ජනාධිපතිවරණ සමයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක වේදිකාවේ සහ මහ මැතිවරණ සමයේදී එක්සත් ජාතික පෙරමුණ වේදිකාවේත් බරපතළ විවේචනයට ලක්වූ මොවුන්ට ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාදීම සදාචාර විරෝධී බව පෙන්වා දෙන එම සංවිධාන, ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර එම චෝදනාවන්ගෙන් ඔවුන් නිදහස් වන්නේ නම් පමණක් ඔවුන්ට ජාතික ආණ්ඩුවේ තනතුරු ලබාදිය යුතු බව අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් නොගන්නේ නම් ඒ සඳහා රජයට බලකරමින් ඉදිරි ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමටද එම සංවිධාන සූදානම් වෙයි. නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් නිමල් ලන්සා මහතා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඉකුත් 9 වැනිදා දිවුරුම් දුන්හ.
(mawbima)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here