ලංසාට ගම්පහින් ප්‍රබල විරෝධයක් !ප්‍රසන්න ගහන්නත් පැනලා!

0
99

lansa12ගම්පහ දිස්ත්‍රික්කය තුල මේ වන විට නිමල් ලංසාට එරෙහිව ප්‍රබල විරෝධයක් මතුවෙමින් තිබේ.
එදා වමට සිග්නල් දමා දකුණට හැරවු නිමල් ලංසා ජනපති සිරිසේන දිනු පසු සිය නඩු වලට වාසි ලබාගැනිම සදහා මහින්ද පිල අතහැර ජනපති සිරිසේනගේ දෑත් ශක්තිමත් කරන්නට ගියේය.
ඒ කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් දේශපාලනඥයින් ඒකාබද්ධ විපක්ෂයේම සිටිමින් ගම්පහ දිස්ත්‍රික්කය තුල සිය දේශපාලන පදනම් තහවුරු කර ගෙන තිබුණි.
ඉන්දික අනුරුද්ධ ප්‍රසන්න රණවීර වැනි අය ඒ තුල දැන් ගම්පහ තුල තවත් ශක්තිමක වි තිබේ.
මේ පසුබිම තුල නිමල් ලංසාට වත්තල ආසන සංවිධායකධුරය ලබාදි තිබුණද එහිද ඔහුට ඇත්තේ අකමැත්තකි.
එහි සිටින ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ සහ මේ වන විට ඇත්තේ ජේෂ්ඨ දේශපාලකයෙකු වු නීල් රූපසිංහ සමගින්ය,
මේ පසුබිමතුල නිමල් ලංසාගේ බඩු බෙදා ජනතාව ඡන්ද කාලයේ ඇල්ලිමේ දේශාපලනය දැන් කල්ඉකුත්වු උපක්‍රමයක් බවට පත්ව තිබේ.
මේ නිසාම ඉදිරි මහමැතිවරණයේදි පාර්ලිමේන්තු යෑමේ වරම පවා ඇත්තේ අවිනිශ්චිත තත්වයකය.මීගමුවේ ඡන්දද දැන් ඔහුට අහිමිය.
දයාන් ලංසාගේ අවර ගනයේ නගර පාලනය තුල දැවැන්ත කොමිස් ජාවාරම් සහ එජාපයට සහය පළකරමින් කරගෙනක යන පාලනය තුල මිගමුවේ නිමල් ලංසාට තිබුණ ඡන්ද ටිකද දැන් අහිමිකරගෙන තිබේ.
මේ යථාර්ථය තුල ඔහු අර්බුදයෙන් අර්බුදයට පත්වෙමින් සිටින ඔහු එය කළමණාකරණය කර ගත නොහැකිව ගැටුම් වලට පවා මුල පුරමින් සිටි.
ඊයේ ගම්පහ දි පැවැති පොහොට්ටු හමුවකදි ලංසාට එරෙහිව දැනටමත් ගොඩනැගෙමින් එන විරෝධය ප්‍රකාශයට පත්ව තිබුනේ ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයා අතපය උස්සා පහරදිමට පවා තැත් කිරිමේ සිදුවිමකනි.
එපමණක් නොව නීල් රූපසිංහගේද බරපතල විවේචනයක් ලංසාට එල්ලවිය.එය කොයිතරම් දැයි කියන්නේ නම් ඉදිරි කාලයේදි වත්තට යාමට පවා නොහැකි තත්වයක් කරා දැන් ගොස් තිංබේ.