ලංසාලාගේ,හර්මන් කුරේරලාගේ රෙදිගැලවු කඩොල් කැලේ සටන සහ රමේශ්ලාගේ අවස්ථාවාදය ?

0
58

 

පසුගිය දිනවල විල්පත්තුවේ වන විනාශය ගැන  මහත්වු උනන්දුවක් රට තුල මතුවිය.මාධ්‍ය විසින් ද ඒ ගැන ජාතික සංවාදයක් බවට පත් කරන ලදි.දැන් උමා ඔය ව්‍යාපෘතිය විසින් පරිසරයට සිදුකරන විනාශය ගැන පුලුල් සංවාදයක් රටතුල මතුව ඇත.
එමෙන්ම මුතුරාජවෙලට කුණු දැමිමට එරෙහිව දැන් ඒ අවට දේශපාලකයන් පවා මැදිහත්වන මට්ටමට පරිසර උනන්දුවක් ඇතිව තිබේ.
මෙහි වඩාත් විහිළුව වි ඇත්තේ මීගමුවේ කඩොලාන අක්කර 8 ක් කපද්දි නිහඩ සිටිමින් එයට පුර්ණ සහය පළකරන ලද එවකට මීගමුව නගරාධිපති නිමල් ලංසාද පසුගිය දිනවල  මුතුරාජවෙල පරිසරය ආරක්ෂා කිරිම සදහා එක්ව තිබිමයි.
මීගමුව තුල හෝ ජාතික වශයෙන් කිසිදු අවධානයකට යොමු නොවු මීගමුවේ කඩොලාන අක්කර 8 ක් කපා විනාශ කිරිමේ දැවැන්ත පාරිසරික අපරාධයක් සිදුවිය.
මීගමුව තුළ පිහිටා ඇති කඩොලාන වන සම්පත ද පාරසරික වටිනාකම් රැසක් තිබෙන ස්වභාවික වන සම්පතකි. මෙහි අක්කර 26 ක පමණ  භුමි භාගයේ පිහිටා ඇති අතර තවත් කඩොලාන වන ගහනයකින් සමන්විත  කලපු  දූපත් 13 මීගමුව කලපුව තුළ පිහිටා තිබේ.
මෙම කඩොලාන රක්ෂිතයෙන් අක්කර 08ක් පමණ ප්‍රමාණයක්  කිසිදු අවසරයකින් තොරව කපා විනාශ කරන ලදී.
මෙය සිදුවූයේ එවකට හිටපු ප්‍රා.ලේකම්වරයෙකු වන ශාන්ත කේ මුහන්දිරිම් නැමැත්තාගේද පුර්ණ සහයෝගයෙනි.
පානිය ජල ව්‍යාපෘතියකට අවැසි පර්චස් 100 ක ඉඩක් වෙනුවෙන් අක්කර 8 ක් කපා දැමිමට මුලිකත්වය ගෙන තිබුනේ ශ්‍රිලනිප නාගරික මන්තින් වන බන්දුල නාඔටුන්න සහ ඩන්ස්ටන් හෙවත් ඩන්ටි යන මන්ත්‍රින් දෙදෙනාය.(කඩොල් කැලේ කැපු මේ දෙදෙනාම දැන් යළිත් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලති.)
ඒ එවකට නගරාධිපතිව සිටි නිමල් ලංසාගේ උවමනාව අනුවය.
දැන් වඩාත් භායනක විහිළුව වි ඇත්තේ මීගමුවේ පරිසරයේ හදවත බදු වු කඩොලාන කිසිදු හෘද සාක්ෂියක් නැතිව කපා විනාශ කළ කළ නිමල් ලංසා කඩොල් කැලේට පසුගිය දිනක පැමිණි කිසිදු ලැජ්ජාවකින් තොරව ඡන්දය ඉල්ලා සිටිමයි,මෙහි ඇති අනෙක් සිදුවිම වන්නේ එදා කඩොල් කැපිමට විරුද්ධව සිටි රමේශ් නැමැත්තා අද නිමල් ලංසාගේ කරේ අත දාගෙන කඩොල් කැලෙන් ඡන්දය ඉල්ලා සිටිමයි.
එදා නගර සභාව තුල කොන්දේසි විරහිතව කඩොලාන කැපිමට එරෙහිව වුයේ එක් අයෙකු පමණි.ඒ එවකට
විපක්ෂ නායකව සිටි රොයිස් විජිතය.
මෙවර පොහොට්ටුවෙන් ඡන්දය දූව කොට්ටාශයට ඡන්දය ඉල්ලා සිටින හිටපු නාගරාධිපතිවරයෙකු වු හර්ම්න කුරේරා එදා කිවේ එදා කපා ඇත්තේ කඩොල් නොව මණ්ඩා බවය.වැදගත් දේශපාලන පවුලකින් පැවැත එන හර්මන් කුරේරාට එදා සිදුවුයේ බල්ලොත් එක්ක ලැග්ගහම මැක්කෝ පිහිදදා නැගිටිමට සිදුවිමය.මේ නිසාම දේශපාලනයේදි සැබැ මහත්මයෙකු වු හර්මන් කුරේරාලාගේ පරම්පරාවටම ලැජ්ජාවට පත්විමට තරම් කාරණා නිමල් ලංසාත් සමගින් එකතු විම නිසා දැන් සිදුව තිබේ.
ලංසාගේ උවමනාවන් වෙනුවෙන් එදා පෙනිසිට හර්මන් කුරේරා සිය දේශපාලන මහත්මාභාවය එදා කඩොල් විනාශ කිරිමට අතඋස්සා රෙදි ගලවාගෙන හමාරකරගත්තේය.
මේ සියළු දේ හොදින් දන්නා රමේශ් දැන් කිසිදු හිරිකිතයකින් තොරව ලංසාලා සහ මණ්ඩලා සමගින් දැන් කරේ අත දාගෙනය.
තුෂාර එන් ප්‍රනාන්දු