ලංසාලා සරණ ගිය සැමට අබසරණයි ?

0
34

dayan sarath nimalපසුගිය ජනාධිපතිවරණයට කලින් සරත් හා ලංසලා සිටියේ නයි පොලොන් වෛරයෙනි.
එහෙත් ජනපති සටන නිසාවෙන් ඔවුන් එක්ව වැඩ කළහ.
ජනපතිවරණයෙන් මහින්ද පැරදුනු පසු  ලංසා පෙරළුණු පිට හොදයි කියා සිය මගඩිහෙළවිම වලක්වාගැනිම ට මෛත්‍රි පිලට පැන ඇමතිකමක්ද අරගත්තේය.එපමණක් නොව මල්ලීට නියෝජ්‍ය නගරාධිපතිකමද අරගෙන දුන්නේය.
මේ සියළු වර්ධනයන් අස්සේ ශ්‍රිලනිප පැරණි ක්‍රියාධරයෙකු සරත් ගුණරත්නව දේශපාලනිකව විශ්‍රාම යැවිමටද අමතක නොකළේය.
ලංසාලා හා බද්ධ වෛරයකින් පෙළුණ මීගමුව හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීරද පසුකලෙක ලංසාලා හා හාදවුයේ සිය අවසන් සිහිනය වු ලක්ෂ 23000යේ පුස්තකාලය විරෝධයකින් තොරව පටන් ගැනිමට ඉඩසලසා ගැනිමටය.
මේ අතර ඇමති නිමල් ලංසා දිගින් දිගටම බැසිල්ගේ සෙවනැල්ල මෙන් සිටිමින් දවල් මිගෙල් රැ දනියෙල් චරිතයට පණ දුන්නේය.
ඔහු බැලුවේ මෛත්‍රිවද අන්දා ගේමක් දිමටය.
එහෙත් මෛත්‍රි පෙරළා ලංසාලාට රිටන් එක දෙන්නට පටන් ගත්තේය.
මේ අනුව පළමු ෂොට් එක දෙමින් ඇමති නිමල් ලංසාව මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ  සසභාපති කමින් ඉවත් කර දැමිය.
එය එසේ වුයේ ඇදැයි සිය පාක්ෂිකයා හමුවේ  කියාගන්නට බැරිතරම් දේශපාලන අසරණ භාවයකට පත් කළේය.
දැන් දෙවනි ෂොට් එක එල්ලවි තිබේ.
එනම් ලංසා සරණ ගිය සැමට අබසරණැයි යන පණිවිඩය  ලබාදෙමින්  මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායකධුරයට ලංසාලාට හෝ ඔහුගේ අයට කිසිදු ඉඩක් නොතබමින් නව මුහුණක් එක් කලේය.
මීගමුව දේශපාලනයේ ජේෂ්ඨයන් වු සරත් ගුණරත්න හා ඇන්ටනි ජයවීරලා දැන් කල් ඉකුත් වු භාණ්ඩයන් ගණයට දැන් වැටි ඇතිවා සේය.
ලංසාලා හා එක්ව  එකම ඉරණම් ගමනක යන්න දැන් ඔවුනට සිදුව ඇත.