ලංසා ඇමතිකම් 5 ක් තියාගෙන මනාප 16000යි මම හිරේ ඉදන් මනාප 19000යි! -රොයිස්

0
43

රජපක්ෂ පාලනය විසින් සිය දේශපාලකයන් හට ඇති තරම් හම්බකරගන්නත් පසුව ඒවා ජන්ද ලබාගැනිම සදහා වැය කරන්නටත් ඉඩ සලසා දෙමින් ක්‍රියාත්මක වු බඩු බෙදිමේ දේශපාලනය අංකය 1 කටම ක්‍රියාත්මක වු නගරය වන්නේ මීගමුවයි.
මේ නිසාම පසුගියඋඌව පළාත් සභා ඡන්දයේදි පස්සර ආසනය භාරව සිටි ඇමති නිමල් ලංසා මැතිවරණ දිනයේදි පවා පස්සර ජනතාවට විදුලි ස්ත්‍රික්ක සපයමින් මැතිවරණ නිතිය අමු අමුවේ උල්ලංඝනය කර අයුරු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකු විසින්ම රටටම හෙළිකර තිබුනේ රූපවාහිනි නාලිකාව පැවැති විවාදයක් අතරතුරේදිය.
එහෙත් ඇමති ලංසාගේ මේ බඩු බෙදිමේ දේශපාලනය පළමු වතාවට අර්බුදයට යන්නේ පසුගිය පළාත් සභා මැතිවරණයේදිය.
මහඇමති ප්‍රසන්න රණතුංගටත් වඩා මනාප ගන්නට සැලසුම් කළ ඇමති ලංසා අන්තිමට හිරේ සිට මැතිවරණ කටයුතු මෙහෙයවන්නට වු මීගමුව එජාප සංවිධායක  රොයිස්ටත් පරාද විය.
මේ බව අද පෝරුතොට පැවති ජනහමුවකදි රොයිස් විජිත විසින් පවසා තිබුණි.ඒ අනුව හිරේ සිටි රොයිස් විජිත මනාප 19000 ක් මිගමුවෙන් ගද්දි ඇමතිධුර 5 ක් දැරු නිමල් ලංසා මීගමුවෙන් ගනු ලබන්නේ මනාප 16000 කි.