ලංසා එජාපයට පනියිද ?

0
51

3 (1)නියෝජ්‍ය ඇමති නිමල් ලංසා එජාපයට යෑමට ඇති සුදානමක් ගැන මේ දිනවල මීගමුවේ දේශපාලන උනන්දුවක් සහිත කවයන් අතර කිසියම් කතාබහක් ඇතිව තිබේ.
මේ පිළිබදව මුල්ව පුවත හෙළිකොට තිබුනේ මව්බිම පුවත්පතේ වයඹ අළුයට ගිණි නම් වු විශේෂාංග ලිපිය මගින් මෙන්ම වයඹ ටුඩේ වෙබ් අඩවිය විසිනි.
තමන්ට දැන් යන්නට ඉතිරිව ඇත්තේ එජාප පමණක් යැයි නියොජ්‍ය ඇමති නිමල් ලංසා පසුගිය දිනක කුරණෑගල පැවැති උත්සවයකදි මෙසේ කියා ඇත්තේ ජේ.සී අලවතුවල මහතා හටය.
“අපි දැන් මෙහෙම ආණ්ඩුවේ හිටියා කියලා ආයෙත් වතාවක් නම් අපිට මේ පැත්තෙන් ඉල්ලලා ඡන්දෙන් දිනන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපිටත් ඉස්සරහට මොනවා හරි පැත්තක් තෝරගන්න වෙනවා. එක්කෝ අපිට ආපහු මහින්ද ලගට යන්න වෙනවා, නැත්නම් යූඇන්පියට එන්න වෙනවා. මගේ අදහස නම් තියෙන්නේ යූඇන්පියට එන්න” ලංසා අලවතුවලගේ කරට අතක් දාගෙන කියූ ආකාරය තේ පැන් සංග්‍රහයේ අසුන්ගෙන සිටි බොහෝදෙනෙකුට ඇසිණි. “ඉතිං මොනවද බල බලා ඉන්නේ එන්නකො මේ පැත්තට” ලංසාගේ පිල්මාරුවට උඩගෙඩි දෙමින් ජේ. සී ලංසාට පොහොර දැම්මේය. “බැසිල් තමයි මගේ ලොක්කා, බැසිල් එක්ක ඕන වෙලාවක මට යන්න පුලූවන්. ඒ ගියාට මිනිස්සු අපිට ඡන්දේ දෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපිටත් තියෙන්නේ යූඇන්පී එකේ පිහිට තමයි”.ලංසා කීය.(උපුටා ගැනිම www.wayambatoday.com)
එමෙන්ම නියොජ්‍ය ඇමති ලංසාට සමිපත අයෙකුද පසුගිය දිනක තම හිතවතුන්ට කියා ඇතැයි අපට වාර්ථා වුයේ අපේ ලොක්කාත් පනින්න වගේ යන්නේ යැයි කියාය.
මේ සම්බන්ධයෙන් ගමුවේ එජාප ප්‍රබලයන් රැසකගේම විරෝධය දැනටමත් මතුව ඇත.
ඒ සියල්ලන්ගේම ස්ථාවරය වි ඇත්තේ මොනම තත්වයක් යටතේ වත් එය මීගමුවේ සිදුවිමට ඉඩක්  නොතබන බවය.