ලංසා ට හැර අන් සැමට මීගමුව පොලිසියේ මැතිවරණ නීතිය අකුරටම .

0
96

2015 ජනවාරි 15 වන දින දහවල් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි  නිතිඥ රෝස් ප්‍රනාන්දු මහත්මියද සමගින් ඇගේ ආධාරකරුවන් පිරිසක් කුරණ ප්‍රදේශයේ ගෙයින් ගෙට යෑමේ මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක නියැලි සිටින විට මීගමුව පොලිසිය විසින් පෙළපාලි යෑම තහනම් යැයි කියමින් ඊට බාධා කර ඇතැයි වාර්ථා වේ.
මෙහි රැස්ව සිටි ආධාරකරුවන්ගේ ප්‍රමාණයටම පොලිසියද කැදවා තිබුණ හෙයින් කොළඹ හලාවත මාර්ගයේ ගමනේ යෙදුන ජනයා කල්පනා කර ඇත්තේ කිසියම් බරපතල සිදුවිමක් එය වෙමින් තිබෙන බවකි.
කෙසේ වෙතත් එහි රැස්ව සිටි එජාප ආධරකරුවන් පවසා සිටියේ පසුගිය දෙසැම්බර් 30 වනදා ජනාධිපති මීගමුව ට පැමිණි දිනයේ දැවැන්ත පෙළපාලියක් මීගමුව නගරය හරහා යාමට ඇමති නිමල් ලංසාට පොලිසිය විසින් කිසිදු බාධාවක් නොකළ බවය.Kuran event 1