ලංසා පරණ සෙල්ලම පටන් ගනයි.ජනපති පිළිගන්න සමෘද්ධිලාභින්ට ගුවන් තොටට එන්න කියලා?

0
30

NImal lansa 10ඇමති නිමල් ලංසා සිය පරණ සෙල්ලම යළිත් මේ යහපාලන රජය තුලද ක්‍රියාත්මක කරන්නට පටන් අරන් තිබේ.ඒ ජනපති පිළිගැනිම සදහා සමෘද්ධිලාභින් බලහත්කාරයනේ ගුවන් තොටුපලට කැදවිම හරහාය.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රධානින් පවා ලෝකයට කියා සිටියේ ලංකාවේ නව රජය කලින් එකට වඩා බොහෝ වෙනස් එකක් බවත් ඔවුන් හා එක්ව වැඩකරන්නට සුදානම්ව සිටින  බවත්ය
තතු එසේව තිබියදි දැන් ලංසාලා මේ ලෑස්ති වන්නේ ජනපතිට පිනවිම සදහා යළිත් සෙනග අදින්නටය.
බැසිල් රාජපක්ෂ දිවයිනට එන අවස්ථාවේදි ද ලංසා කලේ මේ ටිකමය.
ඒ ලංසාගෙ පුරුද්දය.
ලංසාලාගේ දේශපාලනය මීගමුවෙන් පමණක් නොව මුළු රටින් පරාජය කර ඇති බව දැන් ලංසලාට අමතක වි ඇති සෙයකි.
ලංසාගේ ඇත්ත ස්වාමින් වු රාජපක්ෂලා මේ රටට අත්කර දුන් විනාශය හමුවේ ශ්‍රි ලංකා නාමය යළිත් ලෝකය තුල ප්‍රජාතන්ත්‍රවාදි සලකුණක් ලෙස තබන්නට මුල් වන්නේ අගමැතිවරයා බව ඩිලාන් පෙරේරාලාට පවා පිළිගන්නට සිදුව ඇත.
ලංසා දන්නේ එක දෙයකි.
ඒ නිතියට පිටින් ඇති සියළු දේවල් කිරිමට පමණය.
සමෘද්ධිලාභින් යනු එස්.බි ඇමතිවරයාගේ අතකොළු නොවන බව තේරුම්ගන්නට ලංසාලාට තාමත් බැරිවන්නේ පරණ හැව ඇරගන්නට ඒ අයට තවමත් නොහැකි වි ඇති නිසාය.
වාර්තා වන අන්දමට එක් සමෘද්ධි නිළධාරියෙකු  සමෘද්ධිලාභින් 5 දෙනෙකු බැගින් ජනපති පිළිගැනිම සදහා ගෙන ආ යුුතු යැයි  ඇමති ලංසාගේ නියෝගය කර ඇත.
ජනපතිටත් ශ්‍රි ලංකා රජයටත් ලෝක ප්‍රජාව ඉදිරියේ ඉහල පිළිගැනිමක් ලැබි අවසන්ය.
එසේ තිබියදි රජයේ ආධාර ලැබු පමණන් ඒ අසරණ සමෘද්ධිලාභින් ඉත්තන් කරගනිමින් මේ රට තුල යළිත් රාජපක්ෂලාගේ කප්පම් දේශපාලනය මේ රටට හදුන්වා දෙන්නට දගලන්නේ නම් ලංසාලා පරාජය කළ ජනතාවට යහපාලනය සුරකිම වෙනුවෙන් බොහෝ දේ කරන්නට සිදුවන බව ලංසාලාට තවත් එක් වරක් මතක් කර දිය යුතුය තිබේ.
නිමල් ලංසා යනු වත්තල ආසනයේ ශ්‍රිලනිප සංවිධායකයාය.
මීගමුව ජනයා ඔහුට අන්ත පරාජයක් මීගමුවෙදි අත්කර දි ඇත්තේ  ඔහුගේ  යළිත් පරණ සෙල්ලම කිරිමට නොවේ.
එබැවින් රාජපක්ෂලාගේ හොල්මන් අවතාර යළිත් යහපාලනය තුල කැරකෙන්නේ නම් එවාට තිත තැබිමද යහපාලනය දිනවු ජනයාගේ පරම යුතුකමක්ම වන්නේය.
.