ලංසා පවුලට එරෙහි මීගමුවේ පොහොට්ටු අපෙක්ෂකයෝ පෙළගැසෙති !

0
268

බන්දුල නාඹුටුන්නඇමතිකමටත් ගිය නිමල් ලංසා දැන් යළිත් නාගරික මන්ත්‍රිවරයෙකුගේ ගානට වැටි ඇත.
දැන් ඔහු ගෙයක් ගෙයක් ගානේ යයි.
ඒ මල්ලිව කෙසේ හෝ කවුන්සිලයට යැවිමටය.
ඉස්සරහට දාන්න මල්ලි එතරම් හොද කෙනෙක් නොවන බව අයියාද දැන් හොදින් තේරුම් ගෙන තිබේ.
ඒ කියන්නේ මල්ලිව දැන් විකුණගන්න ටිකක් ආමාරු බඩුවක් යැයි  දැන් තේරි ඇත.
මේ නිසාම දැන් අයියා සමග දැන් තාත්තාද එක්ව සිටි.
අයියල තාත්තාලාගේ දැන් සටන මීගමුව පොහොට්ටුවේ ජයග්‍රහණය නිසා නොවන බව දිනෙන් දිනම වටහාගෙන සිටින අනෙකුත් පොහොට්ටු අපෙක්ෂකයන් දැන් ඇතුලතින් ප්‍රශ්ණ කරන්නට පටන් ගෙන තිබේ.
නිමල් ලංසා කල්පනා කලේ තමන්ගේ සල්ලි බලයට සියල්ල යටකළ හැකි බවය.ඔහු සිතු ගණනින් මුදල් විසි කරමින් සිටි.
මේ ගේම කුමක්දැයි තේරුම් ගත් සැම දැන් ලංසා පවුලට එරෙහිව කදවුුරු බදිමින් සිටිති.
සරත් ගුණරත්න දැන් මේ අර්බුදයේදි තමන්ගේ පැත්ත කුමක්ද යන්න තෝරාගැනිමට නොහැකිව අවුලට යමින් සිටි.
කෙසේ වෙතත් දැන් මතුව ඇති තත්වය මත සරත් දේශපාලන ආධිපත්‍ය රැකගැනිමට නම් ඔහුට ලංසා විරෝධින්ගේ පැත්ත ගැනිමට සිදුවනු නියතය.
මේ සටනේදි දැනටමත් සරත් ගුණරත්නගේ ප්‍රබල අපේක්ෂකයන් දෙදෛනෙකු පෙරමුණ ගෙන ඇති බව දනිමු.
මින් එක් අයෙකු නගරාධිපතිධුරයටත් අනෙක් කෙනා උපනගරාධිපතිධුරයටත් ලෙසින් ඉදිරියට ගෙන ආ යුතු බව සරත් ගුණරත්නවාදින් දැන් සටන් කරමින් සිටිති.
අපි බලා සිටිමු.
ලක්රුවන් නිරෝෂණ