ලංසා පවුලේ කළු සල්ලිවලින් මීගමුවේ සාධාරණ ඡන්දයට බාධා ! පොලිසිය නිහඩයි !

0
109

Bribe-for-Passport-Police-Verification-1024x682මීට දින කිහිපයකට පෙර මේ රටේ ප්‍රධාන පෙළේ මැතිවරණ නිරික්ෂණ සංවිධානයක් වඩාත් ප්‍රබල ප්‍රකාශයක් කරන්නට යෙදුණා.
එනම් මේ රටේ මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කරනු ලබන දේශපාලකයන්  දෙනෙකු පිළිබදවය.
ඉන් එක් අයෙකු වුයේ පාර්ලිෙම්න්තු මන්ත්‍රි නිමල් ලංසාය.
මැතිවරණය වෙනුවෙන් මුළු ප්‍රචාරක ව්‍යාපාරයම ගෙන ගිය නිමල් ලංසා ඡන්ද දායකයන් රවටමින් ඔහු ඡන්දය ඉල්ලන බව කියා සිටියේය.
දිනපතා පොස්ටර් ගැසුවේය.
කොළ පත්‍රිකා කාඩ් බෙදුවේය.
මේ සියල්ල කළේ ප්‍රසිද්ධියේය.
ඔහුගේ නම ඇතුළත් කාඩ් පත් ප්‍රසිද්ධියේ ගෙයින් ගෙට යමින් බෙදුවේය.
මැතිවරණය පැවැත්වෙන අද දිනයේත් වැල්ලවිදිය ඡන්ද මධ්‍යස්ථානය අසල කණ්ඩායම් ගැසි නිමල් ලංසා මෙන්ම පිලේන්ද්‍රන් ලංසාද ඡන්ද දායකයන්ට බලපෑම් කරන අන්දම ගැන මැතිවරණ නිරික්ෂණ සංවිධානය වෙතද පැමිණිලි ගණනාවක්ම මේ වනවිටත් ලැබි ඇත.
මේ සියල්ල මෙසේ සිදුවෙද්දි මීගමුව පොලිසිය මර නින්දකය.
මේ පිළිබදව අප මිට සුළුමොහොතකට පෙර මැතිවරණ කටයුතු භාරව සිටින නිළධාරියා වන දිසානායක මහතා අමතමින් පොලිසියේ නිතිය ඉටු නොකරන බවට කරුණු කියා සිටිද්දි ඔහු අපට කියා සිටියේ අනේ මේ මට නෙමෙයි අපේ  HQI මහත්තායට කියන්න යැයි කියාය.
ඉන් අදහස් වන්නේ කුමක්ද යන්න තවත් ගැඹුරින් සොයා බැලිය යුතුය.
මිට පෙර නිමල් ලංසාගේ පාර්ශවය විසින් රාජ්‍ය ලාංඡනය යෙදු මොටර් රථයක් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට යොදවමින් පැහැදිලි ලෙස නීතිය උල්ලංඝණය කර තිබියදි ඒ ගැන අදාල සියළුම තැන්වලට පැමිණිලි කර තිබියදි මේ ගැන අප දිසානායක මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු එදාත් කිවේ HQI මහත්තායට කියන්න යැයි කියාය.
මේ ප්‍රකාශයන් එතරම් සරල නැත.
එහි ගැඹුරු අප්‍රකාශිත පැහැදිලි කරගැනිම් ගණනාවක් අන්තර් ගතය.
කෙසේ වෙතත් යළි යළිත් පසක් වෙන එක් කරුණක් වෙයි.
යහපාලනය තවමත් මීගමුවට පැමිණ නැති බවත් එය අාපසු හරවා යැවිමට ලංසා පවුලේ කළු සල්ලිවලට පුළුවන් බවත්ය.
ජනාධිපති මේ කටුක ඇත්ත තේරුම් ගත යුතුය.
ඡන්ද වාසි තකා ඔහු විසින් පසුගිය දිනවල වේදිකා ගාණේ බෙරිහන් දුන් ජනප්‍රිය කථා සියල්ල කිසිදු අර්ථයක් නැති ලගනැවිම් පමණක්මය.
අපට අවැසි ව ඇත්තේ ඇත්ත යහපාලන ගොඩනැගිටමය .