ලංසා පවුලේ වංචා දුෂණ ගැන මෙවර මැතිවරණයේදි සජබ වැඩිදෙනක් නිහඩ වන ලකුණු ?

0
356

එළඹ ඇත්තේ මැතිරණ වසරකැයි කියැවේ .මිගමුවේ දේශපාලනය නම් සැබැවින්ම කැඳ හැලියකි. දේශපාලකයන් යැයි පෙනි සිටින අති බහුතරයක් රජ කපටින්ය.

මේ බහුතරයකට ජනතාව මතක් වි තිබුනේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදි පමණි. පොහොට්ටුවේ දේශපාලනයන් ගැන නම් කථා කිරිමේ පළක් තිබුනේ නැත්තේ ඔවුන් එක් පවුලක වහලුන් මෙන් කටයුතු කරමින් සිටි නිසාය.මේ නිසාම පසුගිය පළාත් පාලන මැතිවරණයේදි මිගමුවේ බහුතරයක් ජනයා එජාපේ කොට්ටාශ නියෝජිතයන් දිනවිමට කටයුතු කර තිබුණි.

මිගමුවේ ඡන්ද කොට්ටාශ 28 න් 19 ක් ජය ගැනිමට මේ නිසාම එජාප අපේක්ෂකයන්ට හැකිවිය.
එහෙත් ඡන්දෙන් පසු ඔවුන් ඇත්තටම කලේ කුමක්ද ?

මේ 19 දෙනාගෙන් දෙතුන් දෙනෙකු හැරෙන්නට අන් සියල්ලෝ ලංසා පවුලේ සහයට ඩැනි ලා වුවා මිස අන් කිසිවක් සිදුවුයේ නැත.මේ බහුතරයක් දෙනා දැන් සජබ නියෝජනය කරමින් සිටිති.

සජිත් ප්‍රේමදාස රජයට එරෙහිව ආණ්ඩු බලය ගැනිමට සුදානම් යැයි කියද්දි ඔහුගේ මිගමු ගොබිලන් අති බහුතරක් ජනපති මැදුරේ ලගින රජපවුලේ කපටි ආරක්ෂකයා මල්දම් පළඳවමින් සිටිති.

එපමණක් නොව සජබ මිගමු ආසන සංවිධාකයාද මේ අයට දෙවනි නැත . ඔහු මිගමුවේ කළු සල්ලි පාලකයන්ගේ රාත්‍රි මිතුරාය.

ඉතින් මිගමුවේදි ජනතාවගේ පැත්තේ හිටගෙන අයුක්තියට අසාධාරණයට එරෙහිවන්නට සැබැ ජනතා බලවේගයක් ගොඩ නැගිය යුතුව තිබේ.


පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනතාවට පස්ස පැත්ත හැරවු සියළු දෙනා එකට තබා පරදා අලුත් ජනතා බලයක් මිගමුව තුල ගොඩ නැගිය යුතුව තිබේ.