ලංසා පවුල රැකෙන,දළුපත දරුවන් මැරෙන ඩෙංගු වසංගතය !

0
98

IMG-20191018-WA0065නිමල් ලංසාගේ නිවස පිහිටා ඇත්තේ දළුපතය.මීගමුවේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් සිටින්නේද දළුපතය.ඉතාමත් අවසනාවන්ත ලෙස දැනටමත් කුඩා දරුවෙකු මියගොස් ඇති අතර ඒ පවුලේම අනෙක් දරුවා තවමත් දැඩිසත්කාර ඒකකයේය.නගරාධිපති දයාන් ලංසා මාධ්‍ය සංදර්ශන පවත්වමින් සීරෝ මොස්කිටෝ යැයි වැඩසටහන් දියත් කළද ඉන් මීගමුවට වු සෙතක් නැත.මේ කුඩා දරුවා මියගිය නිවස අසලින් දිවයන කාණු පිරිසිදු කිරිමක් සිදුව නැතිබව ප්‍රදේශවාසිහු නගරාධිපතිට චෝදනා කරසිටිති.දුමායන් නිසි ලෙසින් සිදුනොකරනු ලබන අතර මේ දරුවා මියගිය පසු ඒ නිවසට දුමායනය සදහා නගර සභාව සේවකයන් එවා තිබුණි.තතු එසේ වුවද ලංසා පවුලේ සියළුම නිවාසවලට සතියකට කිපවතාවක් දුමායන කටයුතු කරන බව දැන් නොරහසකි.නිමල්ලංසාගේ දරුපවුල සිටින්නේ ඕස්ට්‍රේලියාවේය.ඔවුන් නිරුපද්‍රිතය.මියයන්නේ දළුපත.දරුවන්ය.ලංසා දෙබෑයන් පසුගිය කාලයතුල ඩෙංගු වෙනුවෙන් කියා මහජන බදු මුදල් රුපියල් කෝටිගණනින් වැයකර ඇත.එපමණක් නොව මෙහි ඇති තිරිසන්ම ක්‍රියාව වන්නේ ඩෙංගු මර්ධනයට කාණු ශුද්ධ කිරිමට යැයි කියා පඩිගෙවමින් බදවාගෙන ඇති ව්‍යාපෘති කම්කරුවන් ලංසා පවුලේ දේශපාලන වැඩවලට යොදාගැනිමය.මේ දරුවා මිය ගිය අද දිනයේත් ඇතැම් ව්‍යපෘති කම්කරුවන් සිටියේ හෙට පැවැත්වෙන පොහොට්ටුවෙි රැළියේ සංවිධාන කටයුතු කරමින් වැල්ලවීදියේය.මේ අනුව ලංසා පවුල පමණක් ඩෙංගු.වලින් බේරගෙන අනික්.දරුවන් වලපල්ලට යවමින් ඩෙංගු රෝගය අද දළුපතත් අවටත් වේගයෙන් පැතිර යමින් තිබේ.