ලංසා පවුල , සරත් ගුණරත්නගේ අැඩ්ඩ්‍රස් නැති කරයි ?

0
106

nimal dayanසරත් ගුණරත්න යනු අමාරුම කාලයේ පක්ෂය අත්නොහැර ඔහු හරි යැයි විශ්වාස කළ ප්‍රතිපත්ති වෙනුවෙන් පොරබැදපු මිනිසෙකි.
1989 සමයේ පැවැති එජාප භිෂණයේදි වගකීමෙන් ආරක්ෂා කිරිමේ පණතට එරෙහිව රටතුල සංවිධානය කෙරුණු එකාබද්ධ විපක්ෂයක සංවිධානාත්මක විරෝධතාවය සංවිධානය කෙරුණේ මීගමුවේදිය.සරත් ගුණරත්න ඊට නායකත්වය සැපයු අයවලුන් අතර ප්‍රධානියෙකු විය.
වසර 30 ගාණකටත් වැඩි කාලයක් බලා සිටි සරත් ගුණරත්තනට පාර්ලිමෙන්තු යන්නට ලැබෙන්නේ ඉන් අනතුරුවය.
එසමයේ එජාප පවුල පසුබිමක සිටි නිමල් ලංසා ඉතා කෙටි කලක් තුලදි ලග නමමින් පැමිණි දේශපාලන ගමන් මගේ  හුලං අත බලා රුවල් දමන්නට හැම විටකම පරිස්සම් විය.
මේ සියල්ල ලඅතරේ එදා ලංසාගේ ප්‍රධාන සිහිනය වි තිබුනේ කවදා හෝ මීගමුවේ ශ්‍රිලනිප සංවිධායකම ලබාගැනිමටය.
ලංසාගේ සියල්ල ස්මාර්ට්ය.විශේෂයෙන්ම ගැහැලිය.
සරත් අයත් වන්නේ පැරණි ශ්‍රිලනිප සම්ප්‍රදායටය..
ඒ නිසාම සරත්ලාගේ පරම්පාරාෙව් ගැහැලි ස්මාට් නැත.
.අප සමාර්ට් කියන්නේ දේශලක්ෂණ අනුව නොවේ .
දේහලක්ෂණ අනුව නම් සරත් ගුණරත්න තාමත් ස්මාර්ට්ය.

දැන් ලංසා එළිපිටම පොහොට්ටුවේය
මීගමුව් පොහොට්ටුවට අයිතිකරුවන් දෙදෙනකු ඇවැසි නැතිය ලංසා  දැන් තිරණය කර තිබේ.
ඒ නිසා ලංසා පවුල කලක පටන් ඉතා සියුම් ලෙසින් සැලසුම් කළ සරත්ගේ දේශපාලන ඇඩ්ඩ්‍රස් එක නැතිකිරිමේ මෙහෙයුම දැන් කූටප්‍රාප්තියට පැමිණ තිබේ.
එය පැහැදිලිව පෙනුනේ මෙවර පළාත් පාලන මැතිවරණය සදහා පොහොට්ටුවේ නාමයෝජනා ලබාදුන දිනයේදිය.
ඒ මොහොතට සුභ පතා සරත් ගුණරත්න ආගම සිහි කරද්දි ,සරත් ට දෙවියන් සිහිවෙන දෙයක්ද එහි සිදුවෙමින් තිබුණි.
එහෙත් සරත්ට තවමත් ඒවා තෙරෙන්නේ නැත.
නැතිනම් තේරුණත් එය නොතේරුණා සේ සිටිනවා විය යුතුය.
සරත්ට නැතත් සුජාතට ( සරත් ගුණරත්නගේ බිරිද )නම් මේ සියල්ල තේරි බොහෝ කල් විය යුතුය.
අපෙේක්ෂක ලයිස්තු භාර දෙන දා සියල්ලෝ හිටගෙන සිටින බැනරයේ අඩුම තරමේ සරත්ගේ පින්තුරයක්වත් නැත.
මීගමුවේ කපටි අාරක්ෂකයන් දෙදෙනා පමණි.ඒ මේ පවුලේ හැටිය.
ජෙයරාජ්ගෙන් දේශපාලනය උගෙන තවත් වාසි රැසක් ද ලබාගෙන ජෙයරාජ් මිය ගිය පසු ලංසා කරේ අ දාගත්තේ බැසිල්ගේය.
ඉන් නොනැවතුන ලංසා බැසිල් ආවඩමින් ජේයාරාජ් බිරිදට පවා දේශපාලන කැපිලි දැමු මහත් ගුණමකුවෙකුම විය.
කෙසේ වෙතත් දැන් මීගමුවේ පොහොටුවේ සංවිධායකධුරයට  ලංසාට ඇත්තේ ඇගිලි තුඩක දුරය.
සරත්ගේ දේශපාලන ඇඩ්ඩ්‍රස් එක නැතිකරගනිමින් සිටින්නේ ඔහු විසින්ම විම බරපතල ඛෙදවාචකයකි..
ලංසලාගේ මේ කුමන්ත්‍රණ නිවරදිව තේරුම් ගැනිම සහ ඊට එරෙහිව ක්‍රියාත්මකවිම තුල පමණක් සරත් ගුණරත්නගේ දේශපාලන ඇඩ්ස් එක රැකෙනු ඇත්තේය.