ලංසා මෛත්‍රි සමග නැගිටියි.?

0
130

lansa 11පසුගිය මැතිවරණයේදී නිමල් ලාන්සා කටයුතු කළේ මෛත්‍රීපාල  ජනාධිපතිවරයාට එරෙහිව මහින්ද සමග නැගිටීමට  බලාගෙනය.
එහෙත්  ලාන්සාට දැන් සිදුව ඇත්තේ මහින්ද  අතහැර මෛත්‍රී  සමග නැගිටීමටය.
එදා නිමල් ලාන්සා කල්පනා කළේ  මහින්දව අගමැති කිරීමට එහා ගොස් රටේ ජනාධිපතිවඑයා කරවිමටය.
මේ ගැන ඕනෑ තරම් වහසිබස් පසුගිය මැතිවරන රැස්වීම්වලදි ඔහු විසින් පවසන ලදී.
පෙරළුන පිට හොදයි කියන්නට නිමල් ලාන්සා කවදත් රුසියෙකි.
මහින්ද සමග නැගිටිමු යැයි කියා පෙරමුණ ගෙන කටයුතු කල මහ ඇමති ප්‍රසන්න රණතුංග දැන් කිකම්ම  නිකම් මන්ත්‍රී කෙනෙකි. ඔහු හා එක්ව මහින්දව කරේ තියන් ගිය ලාන්සා  දැන් ඇමතිවරයෙකි.
මහින්ද රාජපක්ෂගෙන් හම්බකරගත් බොහෝ දෙවල්ද සමගින් උගෙන ඇති තවත් එක් වැදගත් දෙයක් වෙයි.
එනම් කොන්ඩම් තියරියයි.
තමන්ට දේශපාලනයට අත්වැල් සැපයු ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයා ඝාතනය කරන්නට මුල් වුයේ යැයි කියන රාජපක්ෂ පරපුර සමගින් එකගෙයි ලැග්ග ලංසා දැන් ඒ සියල්ලට ටාටා කියා මෛත්‍රි සමගින්  නැගිටින්න තීන්දු කර තිබේ.
නිමල් ලංසාට ඇමතිධුරයක් ලැබිම ගැන අප කළ විමසුමකට පිළිතුරු දුන් නම සදහන් කිරිමට අකමැති වු මීගමුවේ නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ නිශාන්ත මුතුහෙට්ටිගමටත් නියෝජ්‍ය ඇමති ධුරයක් දෙන්නට කටයුතු කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලංසාලාට ඇමතිධුර දිම ගැන ඒ අය බලාගත යුතු බවත් මොන ඇමතිකම් දැරුවත් මීගමුවේ සම්පත් යළි කොල්ල කන්නට යළි කිසිවිටකත් ඉඩ නොතබන බවත්ය.