ලංසා සමග එක්වි නිරෝධායන මධ්‍යස්ථාන වත්තලට එපා යැයි කි ජනතාවට දෛවය සරදම් කරයි ??

0
113

නිමල් ලංසා වත්තලහැදල-10

( 8.00 am ) වත්තල  ප්‍රදේශයෙන් ඊයේ  දින තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 30 දෙනෙකු වාර්තා වුන අතර මේ වන විට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 926 දක්වා ඉහල ගොස් ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි  යු ඇසින්ඩා මහත්මිය පැවසු බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි

ඊයේ දින හදුනාගෙන ඇති ආසාදිතයන් අතරින් වත්තල හැදල 1 සහ 2 කොට්ඨාස වලින් ආසාදිතයන් 20 දෙනෙකුත් ප්‍රිතිපුර සහ මත්තුමගල ප්‍රදේශවලින්  වලින් 10 දෙනෙකුත් වන බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිණිය පැවසුවාය

වත්තල මාබෝල නගර සභාවට අයත් කොට්ඨාසයේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 185 දෙනෙකු වාර්තා විමත් ඉන් 86 දෙනෙකුම පල්ලිය පටුමගේ පදිංචිකරුවන් වීම නිසා එම මාර්ගය මේ  වන විටත් හුදෙකලා පෙදසක් බවට පත් කොට ඇති බව වත්තල මාබෝල නගර සභාවේ  ප්‍රධාන  මහජන සෞඛ්‍ය පරික්ෂක කුමාර විරසිංහ මහතා පවසා සිටි බවද එම පුවතේ වැඩිදුරටත් සඳහන්යහැදල-6හැදල-2

ඉකුත් 23 දින පල්ලිය පටුමගේ කම්කරු නිවාස පේලියෙන් කොරෝනා ආසාදිතයන් 35ක පොකුරක් බිහිවිම නිසා පල්ලිය පටුමග මාර්ගය අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සදහන් කරයි.

මේ අතර මාධ්‍ය ඔස්සේ නිසි ලෙසින් අනාවරණය  නොකෙරුණද වත්තල හේමාස් රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ පිරිසකටද කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණි.

වත්තල මේ වන විට මුහුණ දෙමින් ඇති අර්බුදය සැබැවින්ම දෛවයේ  සරදමක් වැනිය.පළමු කොරෝනා රැල්ල ඇරඹි සමයේ ලංකාවේ පළමු නිරෝධායන මධ්‍යස්ථානය ලෙසින් වත්තල ලාදුරු රෝහල යොදාගැනිමට යෝජනා වු අවස්ථාවේදි මැතිවරණය මනාපය වෙනුවෙන් ලංසා වත්තල ජනතාව හා එක්ව මෙම නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව විරෝධතා පවත්වා තිබුණි.
දැන් වත්තල ගම්පහ දිස්ත්‍රික්කයේ දැවැන්තම කොරෝනා අර්බුදය නිර්මාණය කරමින් ඇති එක් ප්‍රධාන නගරයක් වි තිබේ.
මනාප වෙනුවෙන් වත්තල ජනයා හා එක්ව රජයේම වැඩපිළිවෙලට අකුල් හෙළිමින් එදා සිදුකළ ඒ අමනුස්ස ක්‍රියාව ගැන එදා සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචන එල්ල වි තිබුණිවත්තල 2වත්තල 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here