ලංසා සහ බැසිල් සමාගම රටේම පාරවල් හැදිම අදටත් වයඹට ප්‍රශ්ණයක් ????

0
642

වයඹ පළාත් සභාවට අයත් මාර්ග කිලෝමීටර් 2751 ක් ඇති බවත්, මෙම සී සහ ඩී ශ්‍රේණියේ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා ඇස්තමේන්තු සැකසීම, ටෙන්ඩර් කිරීම, ටෙන්ඩර්කරුවන් තෝරා ගැනීම සහ ඒවා ප්‍රතිසංස්කරණය කිරීම සිදු කිරීමට බස්නාහිර පළාත් සභාවේ මාර්ග අංශයට ලබා දීම පිළිබඳව අද කවුරුත් පුදුමය පලකරන බවත්, මෙම කටයුත්ත වයඹ පළාත් සභාවට භාර නොදී බස්නාහිරට දීමට තිබෙන කැක්කුම කුමක්ද යන්නත්, මේවා නිසා අද මහින්ද චින්තනය ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවද වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ජේ. සී. අලවතුවල මහතා පවසයි.

දළදාගමදී එ.ජා.ප. නව කාර්යාලය විවෘත කිරීමට එක්වීමෙන් ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය. 13 න් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවට ලබා දී තිබෙන බලතල මේ තුලින් අමු අමුවේම උල්ලංඝණය කරනවා. පළාත් සභාවට තිබුණ මාර්ග ටික ඩැහැගෙන. මේ බෝක්කුව ඉදිකල යුත්තේ කොතනද තැලවිල්ල සකස් කල යුත්තේ කොතනද මාර්ගය ගිලා බහින්නේ කොතනද මේ ආදි වශයෙන් මාර්ග පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්නේ මෙහෙ කාර්මික නිළධාරින්ට සහ ඉංජිනේරුවන්ට පමණයි. එහෙම නිසි අවබෝධයක් නොමැති කණ්ඩායමක් උඩින් පාත්වෙලා මේ කරන සංවර්ධන නිසා තමයි අද මේ ඉදිකල මාර්ග බොහෝමයක් විනාශ වෙලා තියෙන්නේ.

මාර්ග ඉදිකිරීම් සිදුකර සම්තින් එක අරගෙන ඉවරවෙලා ඒ මාර්ග වල නඩත්තුව වයඹ පළාත් සභාවට පවරනවා. මේක පුදුම දෙයක්. එයාලා භාගෙට කරන වැඩ ඉක්මනින් විනාශ වෙනකොට අපි වයඹින් ඒවා නඩත්තු කරන්න ඕනෑ. එහෙම කැක්කුමක් අපට නැහැ. වයඹ අපි කරන ඉදිකිරීම් අපි නඩත්තු කරන එක හරි. ඒත් මේ කොහෙන්ද ඇවිත් කරන වැඩවල නඩත්තුව භාරගන්න වයඹ අපි සූදානම් නැහැ.වයඹ මාර්ග ඉංජිනේරුවන්ගේ සහ කාර්මික නිළධාරින්ගේ අධීක්ෂණය මත කරන ඇස්තමේන්තු වලට අනුව වයඹ පළාත් සභාව මගින්ම ඉදිකල යුතු බවත් එහෙම වුවහොත් සාර්ථක ඉදිකිරීම් කර නඩත්තුව වයඹ අපට භාරගත හැකි බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
වයඹ පළාත් විපක්ෂ නායකවරයා විසින් මතු කර ඇති මේ ප්‍රශ්ණය ඇරඹෙන්නේ ඇමති නිමල් ලංසා බස්නාහිර පළාත් සභාවේ මාර්ග ඇමතිවරයා ලෙසින් වැඩකරන්නට පටන් ගැනිමටත් සමගින්ය.
ඒ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබදව අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඇමති නිමල් ලංසා එක්ව මුළු රටේම පාරවල් හැදිම බස්නාහිර පළාත් සභාව යටතේ සිදුකරන්නටත් ඒ හා බැදුන පුද්ගලික ව්‍යාපෘති හා මේවා ගැට ගැසිමත් සමගින්ය.
පසුගිය කාලයේ මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිළධාරියෙකු වු බණ්ඩාර නැමැත්තා ඇමති ලංසාගේ පාරවල් හැදිම සදහා ත්‍රිකුණාමලයට පවා ගොස් තිබුණ බව අප විසින් මීට පෙර අවස්ථා කිපයකදිම හෙළිකළෙමු.road2

මුලාශ්‍රය – Read Sri Lanka – ප්‍රසන්න චන්ද්‍රසිරි –


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here