ලක්ෂ 15 ක හොරබඩු සමඟින් නාගයා අත්අඩංගුවට

0
73

මීගමුව පොලිසියට ලැබුණ ඔත්තුවකට අනුව පසුගිය 21 ක් වන දින මීගමුව තලාහේන ප්‍රදේශයේ පදිංචි චන්දන නාගබෝධි හෙවත් නාගයා යනුවෙන් හදුන්වනු ලැබු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.23 හැවිරිදි මෙම පුද්ගලයා නුදුරු දිනකදි විවාහවිමට නියමිතව සිටි බවද වාර්තා වන අතර පොලිසි ආරංචි මාර්ග පවසා සිටින්නේ ඒ කටයුතු සිදුකිරිම සදහා මෙසේ ගෙවල් වලට පැන සොරකම් කරන්නට පටන්ගෙන තිබෙන බවය.
එමෙන්ම මත්කඩු ලෝලියෙකුද වේ.
ඔහු සන්තකයේ තිබි ලැප්ටොප් පරිගණක 3 ක් ජංගම දුරකථන,ඩිජිටල් කැමරා සහ රන් ආභරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබුණි.මේ සියල්ලේ වටිනාකම රු ලක්ෂ 15 ඉක්මවන බව පොලිසිය  සදහන් කරයි.