මේ පුස්තකාලය යනු හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර මහතාගේ එකම සිහිනය යැයි ඔහු කිපවිටක්ම කියා තිබුණි.
මෙහි ආරම්භයේ සිටම මීගමුවේ බදුගෙවන ජනයා හට අප එක් හෙළිදරව්වක් කර තිබුණි.
එනම් මෙම පුස්තකාල ගණුදෙනුවේ කොමිස් මුදල ගැනය.
දැන් එහි පළමු කුට්ටිය නිකුත්වි හමාර බවට ප්‍රබල රාවයක් පවති.
එය ලක්ෂ 40 ක් බවයි කියැවෙන්නේ.
මෙම ලක්ෂ 40 කලින් කොමිස් ගණුදෙනුවකින් වු අකරතැබ්බයක් හේතුවෙන් ගෙවන්නට සිදුව ඇති ලක්ෂ 10න් ලක්ෂ 3ක් ගෙවිමටද යොදාගෙන ඇත.
ඉතිරි මුදල ශ්‍රිලනිප මන්ත්‍රින් 5 දෙනෙකු සහ එජාප මන්ත්‍රින් 4 දෙනෙකු අතර බෙදි ගොස් ඇතැයි අපගේ ආරංචි මාර්ග සදහන් කර සිටි.ඊට අමතරව පළාතේ දේශපාලන ලොක්කෙකුටද කුට්ටියක් ගොසින්ලු.
මේ බෙදිල්ලේදි ලොකුම කුට්ටිය ලක්ෂ 23 ක් ලෙසින්ද දෙවනි ලොකුම කුට්ටිය ලක්ෂ 5 ක් ලෙසින්ද වන බව සැලය.
කේසේ වෙතත් එජාප මන්ත්‍රින් 4 දෙනෙකු අතර ලක්ෂ 4 ක්ද බෙදි ගොස් ඇති බවද කියැවේ .
මේ අතර උගසට තබා තිබුණ ශ්‍රිලනිප මන්ත්‍රිවරයෙකුගේ ඉඩමක් ලක්ෂ එකාමාරක් ගෙවා බේරාදිමටද මේ කොමිස් මුදල් බෙදිල්ලේදි සානුකම්පිත වි ඇතැයි කියැවේ .
මෙම ටෙන්ඩර ගණුදෙණුව ශ්‍රිලනිප පාලන සමයේ කොමිස් ඉතිහාසයේ කූටප්රාප්පතිය සලකුණු කරනවා සේම එකි පාලනය මීගමුවට යළිත් විනකරන්නට ඉඩ නොදි බංග කිරිම සදහාද මේ ගණුදෙනුවම යොදාගන්නා බව නම හෙළිකිරිමට අකමැති එජාප ක්‍රියාකාරිකයෙකු මීපුරට කියා සිටියේය.
Save
Save