( 12.30 pm ) 2022 වසරේ මීගමුව මහා නගර සභාව විසින් මිලදීගත් වටිනා කැමරාවක් සහ ඊට අදාළ උපාංගද එලෙසම ලැප් ටොප් පරිගණක 02 ක් සහ ඩෙස්ක් ටොප් පරිගණකයක්ද ඇතුළුව ලක්ෂ 25 ක වටිනාකමින් යුත් භාණ්ඩ මේ වනවිට නගර සභාවට අහිමි වී ගොස් ඇතැයි වාර්තා වේ.
මහ නගර සභාවේ මාධ්‍ය ඒකකයක් පවා ස්ථාපිත කර නොමැතිව එතරම් වටිනාකමකින් යුත් කැමරාවක් මිලදී ගැනීම මහජන මුදල් නාස්ති කිරීමක් ලෙස මෙයට එරෙහි වු මන්ත්‍රිවරුන් එදා පෙන්වා දි තිබුණි.
මහ නගර සභාව කැමරාව ඇතුළු අනෙකුත් පරිගණක ද මිලදී ගෙන තිබුණි.
නගර සභාවක් සතුව පවතින බඩුබාහිරාදිය කිසිවක් නගරාධිපතිවරයාට හෝ නාගරික මන්ත්‍රීවරයකුට හෝ තම පුද්ගලික අභිමතය පරිදි භාවිතා කිරීමට මහ නගර සභාවෙන් පිටතට රැගෙන යෑම නීති විරෝධී බව හිටපු නාගරික මන්ත්‍රිවරු අවධාරණය කරති
කෙසේ වෙතත් මේ වන විට ලක්ෂ 25 වටිනා කැමරා ආම්පන්න සියල්ල අස්ථානගතය . මේවා මහජන මුදල්ය. මෙයට වගකිව යුතු හිටපු නගරාධිපති දයාන් ලංසාගෙන් අයකරගැනිමට වත්මන් කොමසාරිස් පාලනය කටයුතු කරනු ඇතැයි යන්න බදු ගෙවන ජනයාගේ විශ්වාසයයි
( ඡායා – අන්තර්ජාලයෙනි )