ලක්ෂ 38 ක් වැය කර තැනු පෙරියමුල්ල මාක් පිටියේ මංතිරුව සාර්ථකද ?

0
103

 

මාක් පිට්ටනිපෙරියමුල්ල යනු ඉහල ජනගහනයකින් යුත් මීගමුවේ එක් ප්‍රධාන කොටසකි.ඒ අය සදහා වු එකම ක්‍රිඩා පිටිය වන්නේ මාක් ක්‍රිඩා පිටියයි.
ප්‍රදේශය නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කපිල නන්දසුලෝචන මහතා විසින් ලක්ෂ 38 ක් වැය කොට මෙම ක්‍රිඩා පිටියට ඇවිදින මංතිරුවක් ඉදිකර ඇත.
ශරිර සුවතාව ගැන දිනෙන් දින ඉහල යන අවශ්‍යතාවයද මත එවැන්නක් ඉදිකිරිම ප්‍රයෝජනවත්ය.
එහෙත් ගැටලුව වන්නේ මීගමුවේ මෙසේ ඉදිවෙන ඇවිදින මංතිරු ඉදිකිරිමේදි ඒ සදහා නිසි දැනුමක් සහිත අයවලුන්ගේ අධික්ෂණය යටතේ නිසි ප්‍රමිතියකට අනුව මේවා ඉදිවන්නේ ද යන්නයි.
නිදසුනක් ලෙස ගත හොත් රාජපක්ෂ උද්‍යානයේ මංතිරුව ඉදිකර මාස කිපයක් ඇතුලත එහි ඇතැම් ස්ථාන ගිලාබසින්නට පටන් ගති.එමෙන්ම එහි ඇවිදිමේ නිරත අයවලුන් විසින් චෝදනා කර සිටියේ එය නිසි ප්‍රමිතියකින් ඉදිකර නොමැති නිසා ඇවිදිමේදි සිය පාවහන් පවා  ඉක්මනින් ගෙවන තත්වයක් උද්ගතව ඇති බවය.
මේ පසුබිම යටතේ පෙරියමුල්ලේ මාක් ක්‍රිඩා පිටිය තුල ලක්ෂ 38 ක වියදමකින් ඉදිකරන්නට යෙදි ඇති ඇවිදින මංතිරුවේ ප්‍රමිතිය ගැන ගැටළු ඇතැයි ප්‍රදේශවාසින් මතු කරති.
එමෙන්ම මෙහිදි මතුවෙන සරල ප්‍රශ්ණය වන්නේ ඉදිරියේදි මෙම පිට්ටනිය පිරවිම සදහා බොරළු ගෙන එන්න සිදුවිම අනිවාර්යයකි.
එසේ නොවන්නේ නම් පිට්ටනිය මැද ජලය එකරැස්විම අනිවාර්යයකි. එහෙත් දැන් ගැටළුව වන්නේ එසේ බොරළු පුරවන අවස්ථාවේදි බොරළු රැගත් ටිපර් යායුතුව ඇත්තේ මේ ඇවිදින මංතිරුව හරහාය.එවිට සිදවන්නේ කුමක් දැයි අමුතුවෙන් කිව යුතු නැත.
තතු එසේ නම් ක්‍රිඩා පිටිය නිසි ලෙසින් සකස්කර නොමැති තත්වයක් යටතේ කඩිමුඩිෙය් මෙ ඇවිදින මංතිරුව තැනුවේ කාගේ හදිස්සිකටද ?
එමෙන්ම මෙම මංතිරුවේ උස ප්‍රමාණයන් සලකා බැලිමේදි මාක් ක්‍රිඩා පිටිය සුළු වැස්සකදි පවා යටවෙන්නට ඉඩ ඇතැයි තතු දන්නෝ කියති.