ලක්ෂ 8 කැමරාව සහ මීගමුවේ මාධ්‍ය සංදර්ශණ

0
132

මහජන බදු මුදල් ලක්ෂ 8 ක් වැය කොට මිළ අධික කැමරාවක් නගරාධිපතිගේ පරිහරණයට ලබාගැනිමට හේතුව දැන් පැහැදිලි වෙමින්
කුසගින්නේ සිටින මිනිසුන් හට දෙන බත් පාර්සල් ඡායාරුප ගතකොට ෆේස්බුක් මාධ්‍ය සංදර්ශන පැවැත්විම දැනටමත් සිදුවෙමින් තිබේ.අසරණ ජනයා උදව් කිරිමට යන විට කැමරා නැතුව යන්නට යැයි මේ වන විටත් ෆේස්බුක් හරහා ප්‍රබල ජනමතයක් ගොඩනැගෙමින් තිබෙන පසුබිමක ජනතාව අතර ඇත්ත ජනප්‍රිය භාවයක් ඇතිකරගැනිමට නොහැකි නුගත් දේශපාලකයෝ බත් පැකට් එකෙනුත් ගොඩ යන හැටි කල්පනා කරති.

පසුගිය මහසභා රැස්විමකට ඉදිරිපත්ව තිබුන මුල්‍ය යෝජනාවක සදහන්ව තිබුනේ මිගමුව නගරාධිපතිවරයාගේ පරිහරණය සදහා රු ලක්ෂ 8 ක කැමරාවක් ඉල්ලා ඇති බවය.


එදා වේල කන්න නැතිව මුහුදු යන්න පවා බැරිව බරපතල අර්බුදයක් තුල දිවි ගෙවන ජනයාගේ බදු මුදල් ලක්ෂ 8 ක් වැය කරමින් සුපිරි කැමරා මිලට ගන්නේද යළිත් වරක් කන්නට නැතිව අසරණය වි සිටින අයට බත්පාර්සල් බෙදා දිම ඒවා පොටෝ ගෙන ෆේස් බුක් පිටුවල දමා මං පොර යන පීචන් සංකල්පය ඉදිරියට ගෙන යාමටය.එය ඉතා පැහැදිලිව මැතිවරණ ඉල්ලක්ක කරගත් මාධ්‍ය සංදර්නයන්ම වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here