ලක්ෂ 80 ක් වැය කර මිළට ගත් වියළි සහනාධාර බෙදුවේ මීගමුවේ කාටදැයි විපක්ෂය අහන්නේ නැත්තේ ඇයි ?

0
111

MC UNP team 1කොරෝනා අර්බුදය මැද මිගමුවේ ජනයාට සහන සැලසිමට යැයි කියා ලක්ෂ 80 ක් වියළි සහනාධාර මිළට ගත් නගරාධිපතිවරයා ඒ වියළි සහන මලු ලබාදුන්නේ කාටදැයි විනිවිදභාවයකින් යුතුව ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙස විපක්ෂයට ඉල්ලන්නට බැරි ඇයි යන ප්‍රශ්ණය දැන් මිගමුවේ ජනයා අතර පවති.
එහෙත් විපක්ෂය එසේ අසන බවක් නොපෙනේ .
විපක්ෂයේ ඇතැම් එජාප මන්ත්‍රිවරුන්ටත් වියළි සහන මලු 100 බැගින් ලැබුන බවට රාවයක්ද පවති.
කෙසේ වෙතත් දැන් අභියෝගය ඇත්තේ නගරාධිපතිවරයා වෙතය.
විපක්ෂය මේ ප්‍රශ්ණය මතු නොකළද මහජන බදු මුදල් වැය කර මිළට ගත් වියළි සහන මිගමුවේ බෙදුවේ කාටදැයි දැනගැනිමට අයිතියක් මිගමුවේ බදු ගෙවන ජනයාට ඇත.එබැවින් නගරාධිපතිවරයා මේ ලයිස්තුව ඉදිරිපත් කරන තෙක් දැන් මිගමුවේ බදු ගෙවන ජනයා බලා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here