ලන්දේසි යුගයේ සොහොන්කොත් ගැන අවධානය මදි ?

0
347

සටහන සහ ඡායාරූප /
සියවස් ගණනාවකට ඒහා ගිය අතීතයක ඒනම් ලංදේසි සමයේහි මීගමුවේ මිහිදන් කෙරුනු ඒවකට සිටි ලංදේසි ජාතිකයින්ගේ  හා මීගමුවේ විසු මානවයින්ගේ සොහොන් කොත්  මීගමුව මංඤොක්කාහේන පොදු සුසාන භූමියහි පිහිටා තිබෙන අතර බලධාරින්ගේ නිසි  අවධානයක් මේ වෙත එල්ල නොවෙන බව අප කළ ක්ෂේත්‍ර ක්‍රියාකරකමදි දක්නට ලැබිනි.
ලංදේසි යුගයේ මෙම සොහොන් මිහිදන් කර තිබුනේ , මේ වන විට මීගමුව ප්‍රදේශිය ලේකම් කාර්යාලය පවතින භූමියේ වන අතර පසුව මෙවා මංඤොක්කාහේන් පොදු සුසාන භූමියේ වෙත ගෙන යන ලදි. එහි  ද කෙලවරක මෙම සොහොන් කොත්  මිහිදන් කර ඇත.
පෞරාණික වටිනාකමක් ඇති මේම සොහොන් කොත් සුසාන භූමියේ කුනු කොනකට දමා තිබීම  අසෝබනය. පෞරාණික කැටයම් වලින් යුක්තවූ  සංස්කෘතික වටිනාකමක් ඇති මෙම සොහොන් කොත් සංරක්ෂනයට හෝ පියවරක් ගෙන නොමැත. කුනු රොදු පවා මෙම කෙලවරෙහි දමනු ලබන අතර සමහර කොත් වැලි වලට යටව ගොස් ඇත. සුසාන භුමියට පැමිණෙන්නේකුට පවා දැන ගැනීමට මෙම ස්ථානය නම්කර හෝ  නැත.
17 හා 18 වන ශතවර්ෂයට අයත් සොහොන් කොත් මේ අතර වේ.
මීගමුව සුසාන භූමිය මීගමුව නගර සභාව යටතේ පාලනය වන අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් වගකිව යුත්තේ මහ නගර සභාවයි.

මීගමුව සුසාන භූමියේ ඇති සොහොන් කොත්
මීගමුව සුසාන භූමියේ ඇති සොහොන් කොත්
          මීගමුවේ පමණක් නොව ත්‍රිකුණාමලය තිරුකෝණේෂ්වරම් දේවාලයේ අපට මෙම පුවත දකනට ලැබිනි. කෝනේෂ්වරම් දේවාලය තිබෙන ස්ථානය අතීතයේ ලංකාව පාලනය කල ලංදේසින්ගේ ප්‍රධාන බලකොටුවකි. අදටත් එහි නටඹුන් දක්නට ඇත. එම බලකොටුව ඇතුලත පිහිටා ඇති කොනේෂ්වරම් පුදබිමට ඇතුලුවන මාර්ගයේම මෙම සොහොන්කොත් දක්නට ලැබේ. ඒ ආශ්‍රිත ප්‍රදේශය වන සතුන් ගැවසෙන ප්‍රදේශයක් බවද දැන්වීම් පුවරු ගසා ඇත. ඒම ස්ථානයේ තිබෙන සොහොන්කොත් අවුරුදු 200කටත් වඩා පැරණි බව අපට  එහි සදහන් කර තිබු සටහන් මගින් තහවුරු විය.
ඒ අතර එම සොහොන්කොත් තනා ඇති ආකාරයද ඉතා සුවිශේෂිය.  නමුත් අදවන විට මෙවා සංරක්ෂණයට කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන ඇති බව පැහැදිලිය.
මීගමුව සුසාන භූමියේ ඇති සොහොන් කොත්
        තවත් විනාශයට පත් නොවීමට ඉඩ නොදී මෙවා සංරක්ෂනය කොට මහජනතාවගේ ප්‍රදර්ශයට හෝ තබන්නේ නම් වටින්නේය.  මන්දයත් එ්වායේ  ඓතිහාසික වටිනාකමක් හා අප රටේ ඉතිහාසය ගැන කියවෙන බැවිනි.