ලබන සතියේ ඇමතිවරයෙක් වෙනවා කියු ලංසාගේ සිහිනය දැන් හබක් !

0
102

lansa12ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහිව ගෙනඒමට නියමිත විශ්වාසභංගයට අදාලව ඉතාමත් තිරාණාත්මක සාකච්ජා 2ක්  ඊයේ( මාර්තු 29 ) දිනයේදි පැවැත්විණි.
ඒ එක්සත් ජාතික පෙරමුණ සහ අගමැතිවරයා හා පැවැති හමුව සහ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රැස්විමයි.
මේ රැස්විම් දෙකේදිම ගෙන ඇති පොදු තින්දුව වි තිබුනේ විශ්වාසභංගය පරාජය කරන බවයි.
විශ්වාසභංගය ජයගන්නවා යැයි කැට ඇල්ලු ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රිලනිපයේ ඇතැම් පින් ඇමතිවරුන්ගේ බලාපොරොත්තු දැන් සුන්ව ගොසිනි.
මල්ලි දිනවිම සදහාම ශ්‍රිලනිප ඇමතිධුරය අතහැර පොහොට්ටුවට පැමිණි නිමල් ලංසා පසුගිය දිනවල සිය සමිපතයන්ට කියා  තිබුනේ ලබන සතියේ ආණ්ඩුව වැටුන පසු අළුතින් පත්කෙරෙන අලුත් කැබිනට් මණ්ඩලයේ ඇමතිධුරයක් තමාටද ෂුවර් බවය.
එහෙත් ලංසාගේ පමණක් නොව මෙසේ සිහින මැවු රැසකගේ ඇමති සිහිනය දැන් හබක් වි ඇතිවා පමණක් නොව
අගමැතිවරයාට එරෙහිව කටමැත දෙඩවු පින් ඇමතිලාටද දැන් කටවහගන්නට කාලය පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here