ලයිට් ගියාම ලෙකෝ එකේ හලෝ ගොළුවෙන්නේ ඇයි ?

0
71

leco_logo321යළිත් විදුලිය කපන්නේ නැතැයි සැනසුම් සසුම් හෙළමින් සිටි මීගමුවේ ජනයා  ප්‍රශ්ණයකට මුහුණ දුන්නේ අද (2016 මාර්තු 18 )දවල් 2.11 ට පමණ මීගමුවට සහ අවට ප්‍රදේශයන්හි විදුලිය ඇනහිට තිබිම නිසාය.
ඇත්තට මෙය විදුලි කප්පාදුවක්ද නැතිතම් නඩත්තු කටයුත්තක් නිසාද යන්න ගැන දැනගැනිමට ලෙකෝ ආයතනය ඇමතුවද එහි දුරකථනය  පැය ගාණක් තිස්සේ කාර්යබහුලය.
ඉන් නොනැවති අප ගල්කන්ද හංදියේ කාර්යලයේ දුරකථනයටද කථා කළෙමු.
එහෙත් පළක් වුයේ නැත.,
ඉන් අනතුරුව අප කෙලින්ම ගියේ කොළඹ හලාවත පාරේ පිහිටි නඩත්තු කටයුතු මෙහෙයවන ලෙකෝ ආයතනය වෙතය.
හදිස්සියට යැයි කියා අමතතන්නට මීගමුවේ   ලෙකෝ ආයතනය ඇත්තේ එක දුරකථනයකි.එහෙත් සේයා දායකයන් පිරිස 27000 ක් පමණ වෙතැයි එහි නිළධාරියෙකු කියා සිටි.
ලෙකෝ අයාතනයට මුදල් ගෙවා සිටින අපට මේසේ අත්‍යශශ්‍ය අවස්ඛාවන්හිදි තොරතුරු විමසිම සදහ එක්දුරකථනයක් පමණක් තැබිම යුක්ති සහගත දැයි අප කළ විමසුමට පිලිතුරු දෙමින් ආයතන ප්‍රධානියා කියා සිටියේ ලෙකෝ ආයතනයෙ ඵ්‍රධාන බළධාරින් හට එය දන්වා සිටින ලෙසය.