මීගමුව පොහොට්ටුවෙි අර්බුදය තවත් තිව්ර වෙයි.මිට සතියකට පමණ පෙර ලසන්ත අලගියවන්න පැමිණ ශ්‍රීලනිප සහය පොහොට්ටුවට ලබාගැනිම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වන්නට යෙදුණි.ඒ ශ්‍රීලනිප ආසන සංවිධායක ලලිත් ටෙන්සිල්ගේ නිවසේදිය.මෙම රැස්විමට එක්ව සිටි බහුතරකගේද අදහස වි තිබුනේ පොහොට්ටුනට සහය දිම මේ අවස්ථාවේදි අපහසු බවය.කෙසේ වෙතත් මේ හමුව සංවිධානය කළ ශ්‍රීලනිප මීගමු සංවිධායක මේ වන විට හිටපු ජනපතිනිය චන්ද්‍රිකා සමගින් එක්ව සිටින බව වාර්තාවේ .ඒ අනුව ගෝඨාට සහය දිමට ලංසා සමගින් දැන් සිටින්නේ මිගමුව නියෝජ්‍ය නගරාධිපති ෆරිස් පමණි.පසුගිය වසරේ පොහොට්ටු නගර පාලනයක් ස්ථාපිත කිරිම සදහා මුලික වැඩකොටසක් සිදුකළ සකාවුල්ලාද අද පොහොට්ටුවත් සමගින් නැත.මේ අතර ෆරිස් පිළිබඳව මිගමුවේ කිතුණු ජනයා මෙන්ම කාර්දිනල් හිමි ඇතුළු කතෝලික පූජකතුමන්ලාගේද ඇති නොසතුට නිසා නිමල් ලංසා ගෝ්ඨාභය මීගමුවට පැමිණි රැස්විමේ වේදිකාවට ඇරයුම් කර තිබුනේද නැත.