ලසන්තගේ පැත්තට සිග්නල් දමා ලංසාගේ පැත්තට හැරවු ෆරිස් ??

0
106

මීගමුව ශ්‍රීලනිප යැයි කියාගන්නා නියෝජ්‍ය නගරාධිපති ෆරිස් සැබැවින්ම පසුගිය මැතිවරණයේදි මහන්සි වුයේ තම පක්ෂයේ අපේක්ෂකයාට වැඩිම මනාපයක් මිගමුවෙන් ලබාදිමටද යන්න ගැන දැන් බරපතල ප්‍රශ්ණයක් මතුව තිබේ.
එයට හේතුව වන්නේ ශ්‍රීලනිපය නියෝජනය කරමින් ගම්පහට තරඟ කළ ලසන්ත අලගියවන්නට මිගමුවෙන් ලැබි ඇති මනාප ගණන පිළිබදව සෑබෑ සෑබෑ විස්තර හෙළිව තිබිමත් සමඟින්ය.ෆරිස්
ඒ ශ්‍රිලනිප නියෝජනය කරමින් ෆරිස් ඇතුළු නාගරික මන්ත්‍රිීන් පස් දෙනෙකු මීගමුවේ කො⁣ට්ටාශ 29 න්ම ලසන්ත අලගියවන්න වෙනුවෙන් ලබාගෙන ඇත්තේ ඡන්ද දෙදහස් ගානක් පමණක් විම නිසාය.
එහෙත් ෆරිස් සිය ෆේස්බුක් පිටුවේ මාධ්‍ය සංදර්ශන පවත්වමින් ලසන්ත වෙනුවෙන් වැඩකරන බව පෙන්වා තිබුණද සැබැවින්ම ෆරිස් ඇතුළු අනෙක් ශ්‍රීලනිප නාගරික මන්ත්‍රීන් සිය ආධාරකරුවන්ට උපදෙස් දි ඇත්තේ ලංසා වෙනුවෙන් තනි මනාපයක් පමණක් ලකුණු කිරිමට ද යන්න සැකයක් දැන් මතුව තිබේ.nimal dayan Faris
මේ අතර මැතිවරණ දිනයට දින කිපයකට පෙර තනි මානප කථාවක්ද මීගමුවේ දේශපාලන කවයන් අතර කථාබහට ලක්ව තිබුණි.මේ අනුව එකක් පැහැදිලිය .
පළාත් පාලන මැතිවරණයේදි යහපාලනයට සිග්නල් දමා ලංසා පවුල් පාලනය දෙසට හැරවු ෆරිස්ට ලසන්ත අලගියවන්නව අතහැරිම අරුමයක් නොවේ.
ඔහු කෙසේ වෙතත් අවස්ථාවාදි දේශපාලනඥයෙකු ලෙස සමස්ත මුස්ලිම් සමාජය තුල දැන් යළිත් වතාවත් තහවුරු වි  තිබේ.