ලසන්තට සාධාරණයක් ඉටුකරන්න යහපාලන රජයටත් බැරිවෙයි ?

0
53

lasantha 1

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව බොරැල්ල කනත්තේදි පැවැති ඊයේ පැවැති අනුස්මරණ වැඩසටහනට සභභාගි වෙමින් අදහස් පළ කළ සියළු දෙනා විසින්ම අවධාරණය කර සිටියේය.
ඔහුගේ හිටපු බිරිඳ වන රයින් වික්‍රමතුංග මහත්මිය විසින්ද ඒ කරුණු යළි යලිත් අවධාරණය කර සිටියාය.LasanthaWickramathunga-13
ජනවාරි 8 වෙනිදා වෙනසක පළමු වසර සමරන්නේ ජයග්‍රහනයක් පිළිබදව මෙන්ම පරාජයන් ගැනද සමගින් බවද මෙහිදි අදහස් දැක්වුවන් කියා සිටින ලදි.ලසන්ත ඇතුළු ඝාතනයට සහ විවිධ හිරිහැරයන්ට ලක්වු මාධ්‍යවේදින් මෙන්ම මාධ්‍ය ආයතනයට වලටද තවමත් සාධාරණයක් ඉටුකරන්නට මේ රජයද අපොහොසත්විම 8 වෙනිදා සමරන්නට සිදුව ඇති එක් පරාජයක් බවද අවධාරණය කෙරුණි.
මෙම අවස්ථාව සදහා රවි කරුණානායක,රවුම් හකිම්,එරාන් වික්‍රමරත්න යන ඇමතිවරුන්ද ජවිපෙ  නියෝජනය කරමින් ලාල් කාන්ත මහතාද එක්ව සිටියහ.LasanthaWickramathunga-21LasanthaWickramathunga-18LasanthaWickramathunga-19
මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි් කමිටුව ,වෘත්තිය පත්‍රකලාවේදින් සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන කිපයක නියෝජිතයන්ද මෙන්ම මාධ්‍යවේදින්  පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටිනු දක්නා ලදි.
ඡායා- අජිත් සෙනවිරත්න