ලස්සන තටු තියෙන පියාඹන මාළුවෙක් මීගමුව ලෙල්ලමට ඇවිත් !

0
237

flying fish 6මීගමුව ලෙල්ලමේ ඊයේ දිනයේ සැමට අපුරු අත්දැකිමක් එක් කර  දි තිබුණි.
මේ නිසාම මේ අසිරිමත් මොහොත ඡායාරූපයට නගාගන්නට පොරකෑවේ විදේශකයන් පමණක් නොවේ ,කැමරා ෆෝන් අත තිබූ සියල්ලෝ එය මතක සටහනක් කරගන්නට අමතක කළේ නැත.
පියාඹන මාළුන් ගැන අසා ඇතත් උන් පියාඹනව දැක ඇත්තේ මුහුදු යන ධීවරයන් හැරෙන්නට ඉතාමත් අතලොස්සකි.
ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉතාමත් අලංකාර තටුවකට හිමිකම් කියන පියාඹන මාළුවා හෙවත් පියාමැස්සෙකි.
පහතින් දැක්වෙන්නේ ඔබට නිතර දකින්න ලැබෙන පියාමැස්සෙකි.