ලාබාලතම ටෙස්ට් නායකයා ලෙස ඉතිහාසගතවෙන ඕස්ට්‍රේලියාවේ Archie Schiller !

0
212

Ausi 1ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන රටවල් තිබෙන්නේ 12 ක් පමණි. ඒ අතරින් ජාතික ටෙස්ට් කණ්ඩායමක නායකත්වයට පත්වීම පහසු වැඩක් නෙවෙයි. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරන ලොව ලාබාලතම ක්‍රීඩකයා මෙන්ම ලාබාලතම ටෙස්ට් නායකයා ලෙස ඉතිහාසගත වීමට ඕස්ට්‍රේලියවේ හත් හැවිරිදි Archie Schiller සූදානම් වෙයි. එළඹෙන දෙසැම්බර් 26 [Boxing Day] ඉන්දියාව සහ ඕස්ට්‍රේලියව අතර මෙල්බර්න් හීදී ආරම්භ වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට Archie සූදානමින් සිටී.
Archie Schiller ළදරුවා මාස තුනේදී හදවත් සැත්කමකට ලක්විය.
ඊට පසු නැවතත් මාස නවයේදී සැත්කමකට ලක්විය. ඔහුගේ හදවතේ අක්‍රමවත් ලෙස පිහිටා තිබුණු කපාට සකස් කිරීමට එම සැත්කම සිදුකරන ලදි. මේ තත්ත්වය නිසා ඔහුට නිදහස් ජීවිතයක් ගතකිරීමට හැකියාවක් ලැබුනේ නෑ. නමුත් ඔහු ක්‍රිකට් වලට දැඩිව ඇලුම් කලේය.
ඔහු යහළුවන් සමග සෙල්ලම් කිරීමට ගියත් ඔවුන් සමග සෙල්ලම් කිරීමට දිවීමට ඔහුට ශක්තියක් නොවීය. ඒ නිසා ඔහු එකතැනකට වී පොත් කියෙව්වේය. මේ තත්වය ඔහුගේ පියාට දැඩි වේදනාවක් විය. දිනක් ඔහුගේ පියා ඔහුගෙන් “ඔයා මොනවද කරන්න කැමති කියලා” ප්‍රශ්නයක් අහනවා. ” මම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වෙන්න කැමතියි ” Archie ගේ පිලිතුර විය.

නමුත් Archie ට නැවතත් හදවත් සැත්කමක් කල යුතුබවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇති අතර තවදුරටත් ඔහු ජීවත් වෙනවද නැද්ද යන්න තීරණය වන්නේ මේ සැත්කමෙනි. ඒ නිසා Archie බලාපොරොත්තු ඉටුකරමින් දෙසැම්බර් 26 ආරම්භ වන ඉන්දියා ඔස්ට්‍රේලියා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයට නම් කල සංචිතයට Archie ගේ නමත් ඇතුලත් කර ඇත. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ජස්ටින් ලැන්ගර් Archie ට මේ සම්බන්ධයෙන් දන්වා ඇත. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ටිම් පේන් සමග මෙම තරඟයේදී සම-නායකත්වය දැරීමට Archie ට අවස්ථාව හිමිවී ඇත.

ලොව ලාබාලම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා පකිස්තානයේ Hassan Raza [ 14Y 237days]

ලොව ලාබාලම ටෙස්ට් ක්‍රිකට් නායකයා සිම්බාබ්වේ Tatendo Taibu [ 20Y 358days]

ඕස්ට්‍රේලියවේ ලාබාලම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා Ian Craig [ 17Y 239days]

ඕස්ට්‍රේලියවේ ලාබාලම ටෙස්ට් ක්‍රිකට් ‍නායකයා Ian Craig [ 22Y 194days]

චානක රූපසිංහ