ලාභයවෙනුවෙන් කඩ හැදෙයි.. ප්‍රජාශාලා ගරා වැටෙයි??

0
63

1
2

මිගමුව කාමච්චෝඩය සති පොල අසල පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල  වසර ගණනාවකට පෙර කියවිම් ශාලාවක් ලෙසද භාවිතා කරනලදි පසුව වසා තිබුණි.
එහෙත් 2010 වසරේ මීපුර පුවත් පත මගින්ද පෙන්වා දෙන ලදී.  මෙය  සක්‍රීය කරන්නට මිගමුව මහ නගර සභාවේ එවකට පාලකයන් අසමත්විය. සිව් වසරකට පෙර ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලකයෙකු අවධානයට යොමුකලද අද දක්වා කිසිදු පියවරක් ගෙන නොමැත.

අද අබලන්වි ඇති මෙම ගොඩනැගිල්ල අනාගතයේදි මහ ජනයාට  පාවිච්චි කිරීමට නොලැබේ ද ? අද කාන්තා සමිති රැස්විම් සහ ත්‍රීවිල් සංගමයේ රැස්විම් වලට පමණක් මෙම ගොඩනැගිල්ල භාවිතා කරණු ලබයි. පසුගිය 08-01-2014 දින මෙම ගොඩනැගිල්ලෙ රැස්විමක්ද පවත්වන ලදි.
එය සදහාද මෙය  සුදුසු නොවන තත්වයට කැඩි බිදි ඇති ආකාරයක් දක්නට හැකිවිය. මෙම ගොඩනැගිල්ල අලුත් වැඩියාකර යථා තත්වයට පත්කර පෙර මෙන් කියවිමි ශාලවක් ලෙසද මෙය ප්‍රදේශ වාසින්ට ලබාදීම සඳහා  මීගමුව මහනගර සභාවේ අවධානය යොමුවේවා.

පැරණි මාලු වෙළද පොල අලුත් වැඩියා කරන මේ  සමයේ වසා ඇති මෙම ශාලාව ගැන බලධාරීන්ගේ  නෙත නොගැටිම විමතියට කරුණකි.

ඡායා සහ සටහන සුජාඉල් මුනිර්