ලාල් කාන්තගේ ගහල ඉවර කිරිල්ල සහ සරත් ඉද්දමල්ගොඩ පියතුමන්ගේ දේශපාලනය ?

0
235

යුද්ධය ඉවර වෙලා දැන් අවුරුදු 15 ක් . පහුගිය මැයි 18 වෙනිදා මුල්ලවයිකාල් වලට එක්වුන දහස ගණනක් එදා වැලපුනේ ජාතික ජනබලවේගයේ ලාල් කාන්තල දැන් කියාගෙන යන යුද්ධය ගහලා ඉවර කිරිල්ල නිසාම ජිවිත අහිමිව ගිය සිය අදරැතියන් සිහි කිරිම සදහාය.
මැයි 18 වෙනිදා යුද වින්දිතයන් එසේ වැලපෙද්දි විශාමික හමුදා නිලධාරින්ගේ සමුළුවක් කුරුණැගල ප්‍රදේශයේ පැවැත්වුණි.


ලාල් කාන්තගේ ගහල ඉවරකිරිල්ලේ අභිමානය ගැන කථාව එලියට පැන තිබුනේ මැයි 19 වනදාය.

ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙලේ නායකයකු වන කේ.ඩී.ලාල් කාන්ත එම සන්ධානයේ විශ්‍රාමික යුද හමුදා සෙබළුන්ගේ රැස්වීමක් අමතමින් මෙසේ කියයි.

“එල්ටීටීඊය සමග පැවති යුද්ධය ගහලාම ඉවර කළ යුතු බවට කී දේශපාලන තිබුණේ දෙකක් පමණි. ඉන් එකක් නම් ජනතා විමුක්ති  පෙරමුණය.

යුද හමුදාව අවි අතට ගෙන කළ සටන අපි මතවාදීව කරමින් ඒ සදහා ජනතාව සන්නද්ධ කෙළමු. (බෙදුම්වාදී ) ත්‍රස්තවාදය පරාජය කළ හැක්කේ එය ගහලා විනාශ කිරීම මගිනි.” – ( ශ්‍රිලංකා බ්‍රිෆ් ලිපිය )

ඒ ගැන හිටපු ජවිපෙ ප්‍රබලයෙකු වු සුනන්ද දේශප්‍රිය කදිම දේශපාලන අභියෝගයක් ජාතික ජනබලවේගය හමුවේ සිය ලිපියක් හරහා මතුකර තිබේ.

ජාතික ජනබලවේගය දමිල ජනයා ගැන දරන ස්ථාවරය ගැන ප්‍රශ්ණ කිරිමේදි මිගමුවේ ඇතැම් කිතුණු ජනබලවේග ක්‍රියාකාරින් ගැරඩියන්ට බුමිතෙල් ගැසුවාක් මෙන් හැසිරෙන අකාරය අප පසුගිය කාලය තුල ෆේස් බුක් පිටුවලදි මෙන්ම ඉන් පිටත සමාජය තුලද නිරික්ෂණය කර ඇත්තෙමු .

යාපනයේ පැවැත් වූ ජාතික ජන බලවේගයේ මැයි දින රැළියෙහි දී මෙම ප්‍රකාශය කරනු ලැබුවේ නම් කුමන ප්‍රතිචාරයක් ලැබෙන්නට තිබුණිද?

ජාතික ජන බලවේගය කියන දේ කරන කරන දේ කියන සන්ධානයක් නම් මීළගට උතුර දෙමළ ජනයාගේ ඡන්දය ඉල්ලීමට යන විට මෙම සටන් පාඨයද රැගෙන යා යුතුය.

යුද්ධයේ නාමයෙන් දෙමළ ජනයා මත පතිති කරවන ලද විනාශයට තමන් ද වගකිව යුතු බව ප්‍රසිද්ධියේ කියා සිටීම සම්බන්ධයෙන් අප ලාල් කාන්තට ස්තුති වන්ත විය යුතුය.

( ශ්‍රිලංකා බ්‍රිෆ් ලිපිය )

සරත් ඉල්ලමල්ගොඩ යනු සිය ජිවිතයම පිඩිතයන් වෙනුවෙන් කැප කළ අයෙකි. කිසිදු ප්‍රතිලාබයක් නොලබාම ඔහු සිය වය වයෝවෘද්ධ සමය පවා ඒ වෙනුවෙන් කැපකර තිබේ.

දැන් සරත් ඉල්ලමල්ගොඩ පියතුමන් ජාතික ජනබලවේගය සිය දේශපාලන තෝරාගැනිම බවට පත්කර ගෙන තිබේ. එය ඔහුගේ අයිතියකි. එහෙත් ගැටලුව වන්නේ සකලාකාර පිඩිතයන් වෙනුවෙන් සිය ජිවිතය කැප කළ සිටින  ඉල්ලමල්ගොඩ පියතුමා වැනි අය දැන් මේ ලාල් කාන්තලා කියන්නට පටන් ගෙන ඇති ගහලඉවර කරන්න කිවේවේ අපි තමයි යන කථා ගැන කියන්නේ කුමක්ද ?

දිනපතා දේශපාලන සටහන් සිය ෆේස් බුක් පිටුව හරහා ගෙන එන ඉද්දමල්ගොඩ පියතුමන් මේ ගැන සිය ස්ථාවරය සිය ජිවිතය කැප කළ සකලාකාර පිඩිතයන් වෙනුවෙන් ප්‍රකාශ කළ යුතුව තිබේ.

 

මිට හරියටම වසරකට ඉහතදි මිගමුවේ පැවැති ජාතික ජනබලවේගයේ විරෝධතා පෙළපාලියකිදි සරත් ඉද්දමල්ගොඩ පියතුමන් විසින් යුද්ධය ගැන සිය ස්ථාවරය ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කර තිබුණි.

meepura.com වෙබ් අඩවිය අප එය මෙසේ වාර්තා කලෙමු

බලය ලබාගැනිම වෙනුවෙන් සිදුකරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයට වසර 4ක් පිරිම නිමිති කරගෙන ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පාගමන බාල්දි හංදියේ සා.සෙබස්තියන් මුනිඳුන්ගේ සුරුවම ඉදිරියේදි විශේෂ මෙනෙහි කිරිමක්ද සිදුකරන ලදි.

මෙහිදි ඉතා වැදගත් අදහස් දැක්විමක් සිදුකළ ගරු සරත් ඉද්දමල්පියතුමන් අවධාරණය කර සිටියේ බලය වෙනුවෙන් සිදුකර ඇති සියළු ම්ලේච්ඡ ඝාතන හෙළා දැකිය යුතු බවය .

වසර 30යුධ සමයේදි එයට දේශපාලන විසදුමක් ලබා දෙනු වෙනුවට යුද්ධයක් ප්‍රකාශයට පත්කරමින් සිදුකර ඇති ඝාතන සියල්ලද හෙළා දැකිය යුතුයැයි ඉද්දමල්ගොඩ පියතුමන් අවධාරණය කර සිටියේය.