ලැජ්ජයි ! මවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට චෝදනා කරයි …

0
67

ෆේස් බුක් ඔස්සේ හදුනාගෙන තිබුන පොලිස් නිළධාරියෙකු සමගින් විවාහ ගිවිස ගෙන සිටි 26 හැවිරිදි තරුණියක් පසුගිය දෙසැම්බර් 24 වනදා ජිවිතයට සමුදි තිබුනේ සිය ස්වාමිපුරුෂායාගේ ආමානුෂික පිඩනයන් දරාගැනිමට නොහැකි විම නිසා බව,ඇගේ මව මාධ්‍ය හමුවේ පසුගියදා කරුණු හෙළිදරව් කර තිබුණි.



ඇය එසේ මාධ්‍ය හමුවක් පවත්වන්නට යෙදුනේ ඇගේ දියණියගේ මරණයට වගකිව යුතුව ඇතැයි තමන් විශ්වාස කරන පොලිස් බෑනා පිලිබදව සිදුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණද ඉන් කිසිදු ප්‍රථිපලයක් නොලැබුන නිසා බවද පවසා සිටි.
මාධ්‍ය ඔස්සේ ඇය සීදුව පොලිසියට චෝදනා එල්ල කර සිටියදි එයට පිළිතුරු දෙමින් පෙලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය සත්‍යයෙන් තොර යැයි ඇය කියා සිටි.

සීදුව පොලිසිය විසින් නිසි විමර්ශණයක් සිදුනොකිරිම ගැන මාධ්‍ය හමුවේ කරුණු කියාසිටි මවකට ලිඳ ලඟ සංගමයකින් වැනි පිළිතුරක් දෙමින් පවුල් ප්‍රශ්ණයක් ගැන අසත්‍ය කරුණු දැක්විමක් සිදුකරන ලද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන තමන් මවක් හැටියට ලැජ්ජා වන බවද ඇය පවසන්නිය