ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ…

2
706
මීගමුව රෝහල අසල තාප්පයක අලවා තිබුණු පොස්ටරයකි.
මීගමුව රෝහල අසල තාප්පයක අලවා තිබුණු පොස්ටරයකි.
මීගමුව රෝහල අසල තාප්පයක අලවා තිබුණු පොස්ටරයකි

මීගමුවේ ජිවත් වන අති සදාචාරවාදින් යැයි සිතිය හැකි පිරිසක් විසින් මේ දිනවල දියත් කර ඇති පෝස්ටර් ව්‍යාපාරයකි.
ඔවුන් සුදානම් වන්නේ මේ බස්හෝලට් ගානේ සිටින ගණිකාවන්ට ඇසිඩ් ගහන්නටය.
මීගමුව පුංචි රෝමය යැයි කියා බෙරිහන් දෙන සහ එහි අයිතිය කිතුණුවන්ට යැයි කියන පිරිසක් සිටිති.
සමාජය    වෙනුවෙන්     සිය     ජිවිතය   පරිත්‍යාග කළ ක්‍රිස්තුස්    වහන්සේ මෙවැනි   තාප්ප සුචරිතවාදින්ට    අපුරු    අභියෝගයක්  කළේය.
ඒ   එදා   සමාජය    විසින් පකාර ස්ත්‍රියක් ලෙසින් හංවඩුවක් අලවා සිටි මරිය මද්ගලෙනා   ගල් ගසා මරන්නට පිරිමින් පොරකමින්   සිටියදිය.
එදා ඇසිඩ් නොතිබුණ නිසා ගල් අතට ගෙන සිටි බඩ තඩි පිරිමින්ට  උන්වහන්සේ කිවේ
පවක් නැති තැනැත්තෙක් පළමු ගල ගසන ලෙසය.
මේ පෝස්ටර් කට්ටියට   තවත් තේමාවන් අවැසි නම් අපට ලබා දිය හැක.

1.  මහ දවල් හංදි ගාෙන් මිනිසුන්ගේ අත් කඩුවලින් කපා පසුව මුදල් දි නඩු නැතිව බේරෙන අය   සහ එ් අයව බේරන අය ගැනත් පොස්ටර් ගහන්න.    අවැසි නම් ඒ අයගේ සෙවනේ සිටින තායි රුසියන් සහ ඉදිරියේදි පිලිපින කතුන්වද සොයා යන්න.

2.  බේත් ගන්නට රෝහලට පැමිණ සිටි මොනරාගල දුප්පත් පවුලක කෙල්ලෙක්ගේ කන්‍යාභාවයත් උදුරාගෙන බෙල්ල මිරිකා මීගමුව රෝහලේ 6 වන මහලෙන් බිමට දමා මරා දැමිම ගැන නඩුව මේ දිනවල මීගමුව මහාධිකරණයේදි විභාග  වේ.
සැකකරුවා මීගමුව රෝහලේ සිටි සිමාවාසික වෛද්‍යවරයෙකි.     ඔහු රකින්නට ඉදිරිපත් වු වෛද්‍යවරුන් රැසකගේ නම්ද අවැසි නම් අප සතුය.

මේ ගිණි ගහන රස්සනය අස්සේ ඔබේ සුචරිතවාදි උද්යෝගය නෙරා එලියට පනින්නේ නම් ඉක්මනින් අප අමතන්න .
පට්ට තේමා අපි දෙන්නම්.