Editor's Choice ලැයින් කාමරයෙන් තනි නිවාසයට.. By fgamage - 2018 February 23 0 141 FacebookWhatsApp .. ඉන්දියාවෙන් තේ වගාව සදහා සුදදෝ ලංකාවට කැදවාගෙන පැමිනි කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් තවමත් ජීවත්වන්නේ තේ වත්තේ ලැයින් කාමරවලය. විටක එකම පවුලේ අට දෙනකු හෝ දහ දෙනෙකූ මේ 10×10 කුඩා කාමරයේ ජීවත්වෙති. වැඩිවිය පත්වු දරුවන්ට හෝ දෙමාපියන්ට කිසිම පෞද්ගලිකත්වය පවත්වාගත නොහැකි මෙය සැබවින්ම කනගාටුදායක තත්ත්වයකි. පර්චර්ස් 7 ක ඉඩමක තමන්ට වෙනම තනි නිවාසයක් ලබාදීම වතුකම්කරුවන්ගේ දැවෙන ඉල්ලීමක් විය. පසුගිය කාලයේ බලයට පැමිණීම සදහා දේශපාලන නායකයෝ නිවාස ලබාදීමට පොරොන්දු වුවත් ඒවා පොරොන්දු පමණක්ම විය. එහෙත් මේ විට නුවරඑළි දිස්ත්රික්කයේ වතුකරයේ තැනින් තැන තනි නිවාස සහිත නිවාස යෝජනා ක්රම කීපයක් දැකිය හැක. ඒ වතු කම්කරුවන්ගේ දිගු කාලීන ඉල්ලීමකට පවතින රජය යහපත් ප්රතිචාර දැක්වීමකි. අරුණ ශාන්ත නෝනිස් හැටන් සිට