ලිංගික අල්ලස් ඉල්ලන හාම්පුතුන් රැකීම ‘‘යහපාලනයද ?‘‘

0
206

කලාපීය ආයතනවල සේවක සේවිකාවන්ගේ එම ආයතනවල හාම්පුතුන් මැතක සිට දිගින් දිගටම පලිගැනීම් වලට ලක්කරන බවත් විශේෂයෙන් පලි ගැනීම්වලට ලක්වන්නේ කම්කරු අයිත්වාසිකම් රැක ගැනීමට පෙරමුණේ සිටින කි්‍රයාකාරි වෘතීය සමිති නියොජිතයින් බවත් නිදහස් වෙළදකලාප හා පොදූ සේවක වෘතීය සංගමයේ සම ලේකම් ඇන්ටන් මාක්ස් මහතා ප්‍රකාශ කලේය.
ඒ මහතා එවැන්නක් ප්‍රකාශ කලේ පෙරේදා 21 කොළඔ ලෝක වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිටදී ආයතනවල හාම්පුතුන් මෙම සේවක සේවිකාවන් ගෙන් පලිගැනීම් වලට ලක්කරන හා සේවක කප්පාදූ කිරිම් වැනි ක්‍රියාවන්ට එරෙහිව පැවැති උද්ඝෝෂනයකදීය.
ඒ මහතා නවදූරටත් ප්‍රකාශ කල සිටියේ කටුනායක නිදහස් වෙළද කලාපයේ ඇතැම් හාම්පුතුන් විසින් එම කලාපයේ කර්මාන්ත ශාලාවල වෘතීය සමිති නොමැති කලාපයක් බවට පත්කීරිමට තැත් කරන බවත් ඇතැම් ඇමතිවරුන් සමග දැනටමත් මෙම වෘතීය සමිති පිහිටුවිම සම්බන්ධයෙන් හාම්පුතුන් සමග සාකචිචා කර ගෙන යන බවත්ය
මෙම වෘත්තීය  සමිති කප්පාදූ කිරිමට එරෙහිව වෘතීය සමිතිවල බලවත් විරෝධය පල කරමින් දස දහසකගේ අත්සන් වලින් යුතු සංදේශයක්  ආයෝජන ප්‍රවර්ධන කලාප භාර අමාත්‍ය
මලික් සමරවිර මහතාට භාරදෙන බවත්ය.
6
පෙරේදා 21 කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථනය ඉදිරිපිට දැවැන්ත උදු්නඝෝෂණයක් හා විරෝධතා ව්‍යපාරයෙක් පැවැත්වු අයුරු
නිදහස් වෙළද කලාප පොදූ සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාක්ස් මහතා අදහස් දක්වමින්

ඡායා සහ සටහන – ප්‍රියප්‍රේම මාණික්කරත්න