ලින්නෝ සහ ‍පොතුබරි සතියකට මීගමුවට තහනම් ?

0
72

දකුණින් මාලු ගෙනවිත් කරවල කිරීම හා එවා විකිණීම සම්බන්ධයෙන් මීගමුවේ ධීවරයින් තෙවන දිනයටත් අද මුහුදු යැමෙන් වැලකී සිට තම විරෝධතාව එල්ල කළහ. මේ හේතුවෙන්  අද (05) දින පියතුමන්ලාගේ හා  ප්‍රදේශයේ දේශපාලඥ්යින්ගේ මැදිහත් වීමෙන්  මීගමුව  මහවීදිය ජුබිලි ශාලාවේ රැස්වීමක් පැවතුන අතර ඒ සදහා කරවල ව්‍යාපාරිකයින් හා ධීවරයින් සහභාගි වූ අතර මෙම  අවස්ථාවට

ධීවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මැතිතුමා හා පලාත් සභා මන්ත්‍රි නිමල් ලාන්සා මැතිතුමාද සහභාගි විය.
මෙහිදී දෙපාර්ශවයම අදහස් දැක්වූ අතර එම අවස්ථාව ගැටුම්කාරි තත්වයන් නිර්මානය වීමට තරම් උනුසුම් විය.
ගැටළුවට පත් ධීවරයින්ගේ ඉල්ලීම වුයේ   පිටතින් මාලු නොගෙනෙන ලෙසත් තම මාලු මිලදි ගන්නා  ලෙසත්ය.
දකුණින් ගෙනඑන ‘ලින්නෝ’ සහ  ‘පොතුබරි ‘ තහනම් කරන ලද මාලු යැයි ධීවරයන්  පවසා සිටියහ.
ධීවර නියෝජ්‍ය ඇමති තුමාද මෙය සනාථ කළ අතර  ඔහු පවසා සිටියේද මෙම මාලු තහනම් කරන ලද මාලු බව ධීවර ඇමති තුමා තමාට පැවසු බවයි.
නමුත් මෙම තහනම් මාලු විශේෂ  දෙක දකුණේ සීමා සහිතව ඇල්ලීමට දෙන බවත් එම මාලු මීගමුවට නොගෙ‍නෙන  ලෙසත් තව දුරටත් ඔහු පැවසීය.
නමුත් පළාත් සභා ධීවර ඇමති වරයා වන නිමල් ලාන්සා පවසා සිටියේ මෙම ලින්නන් හා පොතු බරීන් තහනම් බව නිශ්චිතවම  ප්‍රකාශ කර නැති බවයි. එමෙන්ම  රජය විසින් මේ මාලු වර්ග  තහනම් කළා නම් මේ මාලුන්ගෙන් කරවල නිපදවීම ද  වැරදි බව  ඔහු තව දුරටත් පැවසීය.
පියතුමන්ලා සදහන් කර සිටියේ කාර්දිනල් හිමිපානන් විසින් මේ පිලිබදව ජනාධිපති තුමා සමග සාකච්ඡා කොට තීරනයකට එන තුරු සතියක කාලයකට ලින්නන් හා පොතුබරීන් මීගමුවට නොගෙනෙන ලෙසයි.
ඒ වෙනුවෙන්  මාලු සැපයීමට ධීවරයින් එකග වූ අතර  තම වැඩවර්ජනය නතර කොට හෙට සිට මුහුදු යන බව ධීවරයන් පවසා සිටියහ.
අවසානයේදි දෙපාර්ශවයේම එකගතාවය මත සතියකට පිටතින් මාලු ගෙන ඒම නතර කරන ලදි.

දිල්ශාන් ක්‍රිශාන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here