ලීටරයකට රු 30 පාඩුවක් දරමින්, රජය භුමිතෙල් රු 70 දිමට තින්දු කරයි !

0
87

oil priceභුමිතෙල් ලිටරයක් රු 70 ක් ලබාදිමට අද රැස්වු කැබිනට් මණ්ඩලය අනුමත කර ඇතැයි වාර්ථා වේ.මේ  අනුව එක් ලීටරයක් සදහා රු30 ක් පාඩුවක් දැරිමට සිදුවන වන මුදල් අමාත්‍යංශය පවසයි.oil protest 3(1.10 pm ) මැයි මස 10 වැනිදා සිට භූමි තෙල් මිල රුපියල් 44 සිට 101 දක්වා ඉහළ දමන ලද අතර භූමි තෙල් ලීටරයක නිෂ්පාදන පිරිවැය ලීටරයකට රුපියල් 100කි.ලොරි බස් හිමියන් ඩීසල් වෙනුවට භූමිතෙල් පරිභෝජනය කිරීම නිසා 2017 මුල් මාස 4 සාපේක්ෂව 2018 මුල් මාස 4 තුළ භූමිතෙල් පරිභෝජනය 41%කින් ඉහළ ගියේ . එම මාස 4 තුළ මසකට රුපියල් බිලියනය බැගින් පාඩුවක් සිදු විය .එවකට දෛනික භූමිතෙල් පරිභෝජනය මෙ.ටො 600කි.
(
මෙ.ටො 1 = ලීටර් 1270).මිල වැඩ කිරීමෙන් පසු දෛනික පරිභෝජනය මෙ.ටො 150 දක්වා අඩු විය.භූමි තෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කළ පසු එක් ලීටරයකින් රජයට ඇති පාඩුව රුපියල් 30කි.මෙම දෛනික පරිභෝජනය තව දුරටත් ඉහළ යා හැකි .වත්මන් දෛනික පරිභෝජනය අනුව පාඩුව.මෙ.ටො එකක් සඳහා අවශ්‍ය ලීටර් ප්‍රමාණය 1270
දැනට දෛනික පරිභෝජනය මෙ.ටො 150ක් වන අතර ලීටරයට පාඩුව රුපියල් 30 කි
(1270 x 150 x 30 =
රුපියල් 5,715,000.00 (දෛනිකව))ඩීසල් වාහන සඳහා භූමි තෙල් භාවිත කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා බලධාරීන් දැනුවත් කර තැයිද මුදල් අමාත්‍යංශය පවසා සිටි.